විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින රථයක් ගන්න කැබිනට් පත්‍රිකාවක්

88

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.
  
මේ අතර මාර්ග වසා දමා මැති ඇමතිවරුන් ගමන් කරන බවට විපක්ෂය විවේචන සිදු කළද විපක්ෂ නායකවරයාගේ නිල නිවස පිහිටා ඇති කොළඹ 07 විජේරාම මාවත වසා ඇති බවට අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලයේදී අදහස් පළ කර තිබේ.

විජේරාම මාවතේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද පිහිටා ඇති බැවින් එහි පැමිණෙන පිරිස් ද අසීරුතාවන්ට ලක්වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විදෙස් රටවල් පනවා ඇති සීමා ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින්නේ කෙසේදැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රශ්න කර ඇත. 

Previous articleරාජිතගේ විමර්ශන කමිටුව GMOA ප්‍රතික්ෂේප කරයි
Next articleවිල්පත්තු නඩුව මුලසිට යළි විභාග කිරීමේ තීරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here