DSI දේශීය රබර් මිල දී ගැනීම් ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශාල දායකත්වයක් සපයමින්, විශාල අපනයන ආදායමක් ඉපයීමට සහ ආනයන සීමා නිසා විශාල විදේශ විනිමයක් මෙරට ඉතිරි කිරීමට DSI Tyres සමත් වී තිබේ.

ජාතික ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීයත්වයට මුල් තැන දෙමින් වාර්ෂික නිෂ්පාදන ධාරිතාව 25%කින් වැඩි කරමින් DSI Tyres ක්‍රියාවට නඟා ඇති නව වැඩපිළිවෙළ නිසා දේශීය රබර් ගොවියාගේ ආර්ථික වර්ධනයට ද විශාල ශක්තියක් ලැබේ. කෑගල්ල, ඇහැලියගොඩ සහ බඩල්කුඹුර පිහිටි රබර් එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් නිෂ්පාදන මිල දී ගන්නා DSI Tyres මෙරට රබර් වගාවේ ප්‍රගමනයට දක්වන දායකත්වය සුවිශාල ය.

DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා පවසන්නේ, මෙරට මහ පොළොවෙන් උපන් සැම්සන් රබර් කර්මාන්ත ආයතනය අනාගතයේදීත් දේශීයත්වය පදනම් කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන බවයි.

100%ක්ම දේශීය සමාගමක් වන DSI Tyres මෙරට බයිසිකල්, මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ ටයර් හා ටියුබ් වෙළෙඳපොළේ ප්‍රමුඛයා වෙමින් ජාත්‍යන්තරය ද අතික්‍රමණය කර තිබෙන්නේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය එක් කිරීමේ පුරෝගාමියකු වෙමිනි. ජනාධිපති අපනයන සම්මාන ද ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති DSI Tyres මෑතක දී ලැබූ අනභිභවනීයම ජයග්‍රහණය වන්නේ .’SLIM Turn Around Brand of the Year 2019′ සම්මානයයි. බහුජාතික සමාගම් පවා අභිබවමින් දේශීය සමාගමක් ලෙස ලබා ඇති මෙම සාර්ථකත්වය සමඟ රටවල් 85කට DSI Tyres සිය නිෂ්පාදන අපනයනය කරයි. සෘජු රැකියා 2,800ක් සහ වක්‍ර රැකියා 6,000ක් පමණ සපයමින් මෙරට ශ්‍රම වෙළෙඳපොළට දායකත්වය දක්වා ඇති DSI Tyres මෑතක දී දේශීයව වෙළෙඳපොළට පළමුවරට Gen X මෝටර් සයිකල් ටයරය ද හඳුන්වා දුන්නේය●

Leave A Reply

Your email address will not be published.

two × two =