රාජිතගේ විමර්ශන කමිටුව GMOA ප්‍රතික්ෂේප කරයි

56

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කර තිබේ. එම කමිටුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පල කර ඇත.

සැක සහිත ලෙස වත්කම් උපයාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරයි. සිසේරියන් සැත්කම් කිරීමේදී මව් වරුන් වඳ භාවයට පත් කළ බවට ද මේ වන විට ඔහුට චෝදනා එල්ල වී ඇත.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුව පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ, මෙම අවස්ථාවේදී කාණ්ඩ කීපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත් විය හැකි බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා පොලීසියෙන් පරීක්ෂණ සිදු කල හැකි බවත්, විශේෂයෙන් ආචාර ධර්ම ගැන කරුණු සොයා බැලීමට රටේ වෛද්‍ය සභාවක් ඇති බවත් ඒ අනුව වෛද්‍ය සභාව මඟින් පරීක්ෂණයක් කළ යුතු බවත් නවීන්ද සොයිසා කියා සිටියේය.

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එහි ව්‍යවස්ථාව අනුව, සංගමයට යම් අපකීර්තියක් සිදු වන්නේ නම්, එයට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Previous articleසමෘද්ධි උළෙලට ලක්ෂ ගණනක්
Next articleවිපක්ෂ නායකවරයාට වෙඩි නොවදින රථයක් ගන්න කැබිනට් පත්‍රිකාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here