සමෘද්ධි උළෙලට ලක්ෂ ගණනක්
අලූත් පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි සහන ලබාදීමේ ව්‍යාපෘතියක් ආණ්ඩුව ආරම්භ කර තිබේ.
මේ වනවිටත් සමෘද්ධි පවුල් ලක්ෂ 14ක් සිටියි. ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කළ දුගීබව තුරන් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබියදී මෙලෙස තවත් සමෘද්ධිලාභී තෝරා ගැනීම එම ව්‍යාපෘතීන්ගේ අසාර්ථකත්වය කියා පෑමකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ආණ්ඩුව පහුගිය වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙසද නම්කර තිබිණි.කෙසේ වෙතත් තවත් පවුල් ලක්ෂ හයක් සමෘද්ධිලාභී පවුල් සඳහා ආණ්ඩුව ලබා ගත් ණයවලින් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබේ.
මේ සඳහා වන රාජ්‍ය උත්සවය අම්පාරේදී මැයි 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඊට සමගාමීව උත්සව 25ක් අනෙකුත් දිස්ත්‍රික්කවල පැවැත්වීමටද සැලසුම් කොට ඇත. එම උත්සවයන්හි එක වේදිකාවකට පමණක් ලක්ෂ 42ක් ඇස්තමේන්තු කොට තිබේ. එම උත්සවවල වේදිකාවලට පමණක් ලක්ෂ 1,000ක මුදලක් වැය වෙතැයි වාර්තා වෙයි. ඒ වෙනුවෙන් මුද්‍රණය වන ටීෂර්ට්වලට රුපියල් ලක්ෂ 700ක මුදලක්ද වැයවේ. සැලසුම් වලට අනුව මෙම උත්සවයේ උපදෙස් පත්‍රිකා, සහතික පත්‍ර මුද්‍රණයට, ප්රචාරක සහ සංග්‍රහ වියදම් සියල්ලටම වෙන්කොට තිබෙන මුදල රුපියල් මිලියන 180ක්. එහෙත් එම මිලියන 180 ප්‍රමාණවත් නොවන හෙයින් අතිරේකව තවත් මුදලක් වෙන්කරගැනීමට නියමිතයි. එම අතිරේක මුදල් ලැබෙන තුරු සමාජ ආරක්ෂණ අරමුදලෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීමට ආණ්ඩුව උපදෙස් දී ඇත.
සිසිර යාපා