ඔහු සිය ආදරණිය බිරිදද දියණියද තුරුලුකොට ගෙන බෝමිබය පුපුරවා ගත්තේය

 

හේවන් ෂෙපර්ඩ් ගේ කතාන්දරය
The Story of Heaven Shepherd

සමහර කතාන්දර ඉවරවෙන්නේ ශෝකාන්තයන්ගෙනි. තවත් ඒවා සුඛාන්තයන්ගෙනි. ‘හේවන් ෂේපරඩි’ ( Heaven Shepherd) සිය ඉරණමට අනුව තවදුරටත් ජීවත්විය යුතු යැයි වාස්තවික තත්වයන් තීරණය කර තිබීම නිසා එය සතුටෙන් කෙළවර විය යුතුයැයි අපි සිතන්නෙමු. මෙම කතාන්දරයේ පුර්ණ ගෞරවය අප දිය යුත්තේ මනුෂ්‍යත්වයෙන් අනූන ඒ ආදරණිය ෂෙලීට සහ බොබිටය. ඔවුන් නොසිටින්නට මෙතැන කතාවක් නොතිබෙනු ඇත. තිබුණද එය අත්‍යන්තයෙන්ම නීරස වෙනු ඇත.
2004 වර්ෂයේ කිසියමි දිනයක එක් වියටිනාම් මිනිසෙක් සිය ආදරණිය බිරිඳද වයස මාස 14 ක් තරමිවු සිගිති දියණියද තුරුලුකොට ගෙන බෝමිබයක් පුපුරවා ගත්තේය. ඊට හේතුව වුයේ වියටිනාමි සදාචාරයට පටහැනි ලෙස ඔහු ලිංගික සබදතාවයක් පැවත්වීයැයි සිය ඥාතීන්ද ගමද ඔහුට දිනපතා දෙස්දොවොල් තැබීමය. එකී බෝමිබයෙන් ඔහු සහ බිරිද මිය ගියද සිගිත්තිය දෙපා පමණක් පිලිස්සී පන පටින් සිටියාය. ඥාතීන් විසින් වහ වහා සිගිත්තිය රෝහල් ගත කළ අතර ඇගේ පිලිස්සී ගිය දෙපා දණ හිසින් පහලට කපා දැමු වියටිනාමි වෛද්‍යවරු දැරියව බෙිරා ගත්තෝය. ඇය ‘දෝ තුයි ෆුඕං’ විය.
එම වර්ෂයේම ඇමෙරිකා එක්සත් ඡනපදයේ මිසෝරි ප්‍රාන්තයේ ෂෙලී ෂෙපර්ඩි නැමති ගැහැණිය හා බොබි ෂෙපර්ඩි නැමති මිනිසා තමන්ට දරුවන් නැති දුකින් පසුවන්නී Touch A Life නැමති නිවාස අහිමිවුවන්ගේ දරුවන්ට මවිපියන් සොයාදෙන ආයතනයට ගියෝය. එවිට ඔවුහු ෂෙලීට සහ බොබිට පෙන්නුවෙි දෙපා රහිතව වියටිනාමි අනාථාගරයක හැදෙන ‘දෝ තුයි ෆුමිං’ වය.
‘‘ එයාට කකුල් නෑනෙ බොබි ‘‘ ගෙදර පැමිණි පසු බිරිද සැමියාට කීවාය.
‘‘ ඇදගන්න ෂෙලී අපි දැන් යන්නෙ එයාව ගේන්න‘‘ එවිට ඔහු කීවෙිය.
ඔවුහු සැතපුමි 8500 ක පියාසැරියකින් පසු වියටිනාමයට පැමිණ ඒ අහිංසක කෙල්ලව ගෙන ගියෝය.


දැන් කතාව කියන්නේ ඒ ආදරණිය ෂෙලීය.
‘‘ බොබ් කාර් එකට නැගල යං කිවිවෙ නැත්නමි අද එයා මෙතන නෑ. අපි එයාව ගෙනැල්ල අපේ වාසගම එක්ක නම වෙනස් කලා ‘හේවන් ෂෙපර්ඩි’ කියල. පුංචි කාලෙ ඉදන්ම අපි එයාට ව්‍යායාම කරවමින් සංගීතය උගන්වන්න වෙහස වුනා නමුත් හේවන්ගෙ කැමැත්ත තිබුනෙ පීනන්න. ඉතින් අපි ඇයට ඉඩ දුන්න පීනන්න. හේවන්ව තුරුලු කරන් මම හිටියෙ නැත්නමි එයාට නින්ද යන්නෙ නෑ. අදටත් එහෙමයි.

තම දෙමව්පියන්ට සිදු වූ දේ සහ ඇයි එයාට කකුල් නැත්තෙ කියන සත්‍යය මගේ දුවට පැවසීමට මම බය වුනා. නමුත් එය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත් කිරීමට උත්සාහ කළා. එක දවසක් මම ඇයට උකුලෙ තියාගෙන ඒ ටික කියල දැමිම‘‘

දැන් අපි ලියන්නේ හෙවන් ෂෙපර්ඩි කියන කතාවය

‘‘ මට අම්ම අවුරුදු පහේදි ඔය කතාව කිවිව මම අම්මට කිවිව ඒක හරි මෝඩ කතාවක් කියල. “මගේ කකුල නැති වූ ආකාරය සහ එය අනෙක් අයට සිදුවී ඇති සාමාන්‍ය දෙයක් ලෙස මට හැඟුණු අතර එසේ සිතමින් මම හැදී වැඩුනෙමි, ඒත් වසර ගණනාවක් ගෙවී යද්දී මට වැටහුණා මෙවැනි කතාවක් තියෙන ලෝකෙ එකම පුද්ගලයා මම විතරක් බව.ඉතින් මම වෙනස්ම කෙනෙක් විය යුතුයි.ඒක නිසා වෙන්න ඇති මම මට අවුරුදු 12 දි ඇමෙරිකාවෙ ආබාධිත ක්‍රීඩාකවන් අතරින් දක්ෂතම නැගී එන මලල ක්‍රීඩිකාව වුනේ. ඊට පස්සෙ මම 2016 දි තෝරගත්ත පිහිනුමි ඉසවිව දන්නවද මම තමයි 2020 ජපානයෙ පවත්වන පැරා ඔලිමිපික් උළලෙ ඇමෙරිකා එක්සත් ඡනපදය නියෝජනය කරන පිහිනුමි ක්‍රීඩිකාව.‘‘

දැන් අපි ආයිත් ඇගේ කතාව කියන්න පටන් ගන්නව
ඒ දක්ෂ කෙල්ල 2017 කැන්-ඇම් (Can-Am ) විවෘත පිහිනුමි තරගයේදී සමනල ආර 100, නිදහස් විලාසිතා 50, පියයුරු පහර 100, නිදහස් විලාසිතා 100 යන ඉසවු හතරෙන්ම ප්‍රථම ස්ථානයට දිනාගත්තාය. 2018 ලෝක පැරා පිහිනුම් තරඟාවලියේදී ඇය, මීටර් 50 සහ මීටර 100 නිදහස් ආර ඉසව්ව ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. 2019 අගෝස්තු මාසයේදී පේරු හි ලීමා හිදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තාය.

2020 ජපානයේ පැවත්වමට නියමිතව තිබු පැරා ඔලිමිපික් උළෙල කොරෝනා වසංගත තත්වය නිසා කල් දැමු බැවින් සිය පිහිනුම් ඉසවිවේ රන් පදක්කමි සිහිනය ඇගෙන් ගිලිහී ගියද 2024 දී එය ඇයට ලබා ගත හැකි වෙතැයි අපි ප්‍රාර්ථනා කරන්නමු .

තාත්තයි දුවයි වෙරළට ඇවිත්

-උපාලි ජයසිංහ 

 

 

Leave A Reply

Your email address will not be published.

13 − 3 =