යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි බලය දක්ෂිණාංශිකයන් අතට

සාමාජික රාජ්‍යයන් විසි අටකින් සමන්විත යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව දක්ෂිණාංශික, ලිබරල්, ජාතිකවාදී සහ හරිත පක්ෂ ඉදිරියට එන ප්‍රවනතාවක් පෙන්නුම් කෙරෙයි.

එම තත්වය යටතේ 2019 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී සාම්ප්‍රදායික දේශපාලන බලවේග සහ වාමාංශික දේශපාලන කඳවුරුවල ජයග්‍රහණය සම්බන්ධයෙන් සිදු කෙරුණ පුරෝකථනවල පසුබෑමක් සිදු වී ඇත.

එවැනි පසුබෑමක් ඉදිරියේත් යුරෝපා හවුලේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සාම්ප්‍රදායික දේශපාලන බලවේග, එම පාර්ලිමේන්තුව තුළ බහුතරය ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුව අත්හැර නැති අතර, ඒ සඳහා ඔවුන්ට නව සන්ධානයක් ගොඩනගා ගැනීමට සිදුවනු ඇතැයි දේශපාලන අනාවැකි මගින් පැවසෙයි.

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව විවිධ දේශපාලන පක්ෂ අතරින් තවමත් බහුතර කඳවුර වී සිටින්නේ දක්ෂිණාංශික මතධාරී යුරෝපා මහජන පක්ෂයයි.

එම කඳවුර සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුරු සමග විශාල සන්ධානයක් ගොඩනගා ගනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. එසේම එම කඳවුරට ලිබරල් සහ හරිත පක්ෂවල සහයෝගයත් ලැබෙනු ඇත යන්න එම විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.

ඉහත කී ප්‍රතිඵල විශ්ලේෂණයේ දී ඉතාලිය, එක්සත් රාජධානිය සහ ඉතාලියේ ජාතිකවාදීන් පෙරට පැමිණීම දේශපාලන කතාබහට හේතු වී ඇත.

BBC

Leave A Reply

Your email address will not be published.

15 − six =