කංජිපානී, වෙලේසුදා, ලැසී හා, තාරක ඇතුළු 39 ක් කෑම වර්ජනයක

 

දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානී ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේසුදා ඇතුළුවිශේෂ ගණයේ රැඳවියන් පිරිසක් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.

රට තුළ කොරෝනා බිය දැඩිව තිබූ සමයේ ඥාතීන් හමුවීමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම සහ විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවන් ඇතුළු කරුණුවලට විරෝධය පළ කරමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරතව සිටින බව වාර්තාවේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකුගෙන් 39 දෙනෙකු මෙලෙස වර්ජනයේ නිරතවී ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.

10 − eight =