ඉතිහාසගත ප්‍රංශ විශ්වවිද්‍යාල සිසුන්ගේ සටන

 

ලෝකය වෙනස්වුයේ ඉදිරියට ගියේ මහා විප්ලවයන් තුලිනි. නුතන ජනතාවට විප්ලව හදුන්වාදීමේ මව ද පියා ද ප්‍රංශයයි. එහි ගෞරවය සදාකාලිකව ප්‍රංශය සතුය. මාක්ස්ට මාක්ස්වාදය ගොඩනැගීමට පාර පෙන්වුයේ ප්‍රංශයේ වීදි සටන්ය. ලෝක ශිෂ්‍ය ව්‍යාපාරයේ මහා සටනද ඉතිහාසය ලියා ඇත්තේ ප්‍රංශය නමටය ඒ 1968 ඇතිවු ප්‍රංශ ශිෂ්‍ය සටන අරභයාය.
එය පැරිස් සිට ලන්ඩන් ප්‍රාග් හරහා යුරෝපීය නගර වෙත දිව ගොස් මහද්වීපය තරණය කරමින් එක්සත් ජනපද සරසවි තුල පැතිර ගියේය. 1968 ප්‍රංශ ශිෂ්‍ය දේශපාලන විරෝධතා රැල්ල ශිෂ්‍ය රැඩිකල්වාදයේ හොඳම උදාහරණය ලෙස ලෝකය තවමත් සිතා සිටී. එහි අනගිභවනීයත්වය කෙසේද යත් ඉන් පසුව ඇතිවූ එමිමානුවෙල් මැක්රෝන් දක්වා සියලුම ප්‍රංශ ආන්ඩු 1968 මැයි 13 වැනි දින පහන් දල්වා මල්පොකුරු තබා එය ගර්වයෙන් සිහිපත් කරත්, ප්‍රංශයේ කාන්තා විමුක්ති ව්‍යාපාරය සහ සමලිංගික අයිතිවාසිකම් ව්‍යාපාරය යන දෙකම වර්ධනය වූයේ 1968 නැගිටීම හා එකල බුද්ධිමය සංවාදයන් තුලිනි. සරදමකට මෙන් එකී සටනින් ඒ මොහොතේ ප්‍රංශ ශිෂ්‍ය ව්‍යාපාරය කිසිවක් දිනා ගත්තේ නැත. එහි එලිය තුලින් මුලු මහත් ප්‍රංශයේ කමිකරු ඡනතාවගේ 10%- 35% වැටුප් වැඩිවී තිබිණි.

Charles de Gaulle
දෙවන මහා ලෝක යුද්ධයට පෙර මිලියන 42 ක් වූ මුළු ප්‍රංශ ජනගහනයෙන් විශ්වවිද්‍යාල තුල සිටියේ සිසුන් 60,000 ක් පමණි එයද ධනපති පවුල්වල දරුවන්ය. යුද්ධයෙන් පසු එය වෙනස් විය.1960 දී ජනගහනය මිලියන 50 ක් වනවිට සරසවි සිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහක් විය . මින් බහුතරය සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන් විය. ප්‍රමාණය ගුණය වුයේ ඉන් අනතුරුවය.
නොසන්සුන්තාව ආරම්භ වූයේ ධනවාදය, පරිභෝජනවාදය, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සාම්ප්‍රදායික ආයතනවලට එරෙහිව 1968 මැයි 02 දින ශිෂ්‍ය වාඩිලා ගැනීමේ විරෝධතා මාලාවෙනි එවිට ජනරාල් චාල්ස් සෝබෝන් විශ්වවිද්‍යාලය වසා දැමීමට තිරණය කලේය. එය ගින්නට පිදුරු දැම්මාක් වැනි විය. ප්‍රංශයේ විශාලතම ශිෂ්‍ය සංගමය (UNEF) විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ සංගමය සෝර්බෝන්හි පොලිස් ආක්‍රමණයට විරෝධය පාමින් පාගමනක් කැඳවීය. සිසුන්, ගුරුවරුන් සහ ආධාරකරුවන් 20,000 කට අධික පිරිසක් සෝර්බෝන් දෙසට ගමන් කළ අතර, පෙළපාලිකරුවන් ළඟට පැමිණි විගසම පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කළහ. සමූහයා විසුරුණු අතර සමහරු අත ළඟ තිබූ ඕනෑම දෙයකින් බාධක සෑදීමට පටන් ගත් අතර තවත් සමහරු ගල් ගසමින් පොලිසියට යම් වේලාවක් පසුබැසීමට බල කළහ. පසුව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තවත් සිසුන් සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබීය.
ආන්ඩුවේ දැඩි ප්‍රතිචාරය නිසා ප්‍රංශ ජනතාවට ශිෂ්‍යන් කෙරෙහි දැඩි අනුකම්පාවක් ඇති විය. පොලිස් කෘෘරත්වය හෙළි වීමෙන් පසු ප්‍රංශයේ ප්‍රධාන ධාරාවේ ගායකයින් හා කවියන් දාර්ශනිකයන් සහ විද්වතුන් බොහෝ දෙනෙක් ශිෂ්‍යන් සමග එක් වූහ. පොලිසියට එරෙහිව අත්පත්‍රිකා බෙදීමෙි පෙරමුණේ සිටියේ 20 වැනි සියවසේ ප්‍රංශයේ මහා දාර්ශනිකයවූ ජින් පෝල් සාස්ත්‍රේය. ඔහු පසෙකින් ප්‍රංශ අග්‍රගන්‍ය ලේඛිකා සිමොන් ද බෝවා විය.

Jean-Paul Sastre                                                                                Simon de Boa

මැයි 10 වැනි දින එක්දින මහා වැඩවර්නජයක් කැදවු අතර නැන්ටෙස්හි නැව් යාත්‍රා නැව් බඩු පැටවීම සහ බෑම නැවැත්වූ අතර මෝටර් රථ නිෂ්පාදන හා ගුවන් යානා කර්මාන්ත බොහොමයක වැඩ ද නතර විය. වෘත්තීය සමිති මෙම වැඩ වර්ජන කැඳවූයේ නැත. එහෙත් කම්කරුවන් සිසුන් හා ඒවා වැලඳ ගත් විට ඔවුන් එය පිළිගත්තේ ය. එයට සමස්ත ප්‍රංශයේ කමිකරුවන්ගෙන් තුනෙන් දෙකක් විය තුන්වන සතිය වන විට එක් කෝටි විසිලක්ෂයක ජනතාවක් පුර්ණ වැඩ වර්ජනයක නිරත වූහ. පිරිපහදුව නවතා දැමූ නිසා කාර් සඳහා ගෑස් නොතිබුණි; දුම්රිය ධාවනය නොවූ අතර පැරිස් මෙට්‍රෝ ද ධාවනය නොවීය.
මැය 21 වැනි දින පැරිස් හරහා ඩිගෝල් ගෙදර යනු පවසමින් දශ ලක්ෂයක් පෙලපාලි ගිය අතර ප්‍රංශයේ, වෙනසක සතුරා වූයේ එවකට ජනාධිපති චාල්ස් ඩි ගෝල්ය. ඔහු වැඩ වර්ජන පෙලපාලි සහ වාඩිලාගැනීම් මර්දනය කිරීමට උත්සාහ කළ නමුත් මැයි 29 වන දින ඔහු අධෛර්යයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. හදිසියේ ජෙනරාල් චාල්ස් ඩිගෝල් සිය රට හැර දමා යන්නට ගියේය.
ප්‍රංශ ශිෂ්‍ය සටන නිසා එය කම්කරුවන්ගේ කැරැල්ලකට තුඩුදුන් අතර එයම ආණ්ඩුවක් බිඳ දැමීය. සමාජ විරෝධතා වල තවත් අවස්ථා තිබේ, නමුත් 1968 පැරිස් වසන්තයේ දී සිදු වූ සිදුවීම් හා සමාන කිසිවක් නැත.
. කිසිවෙක් ජෙනරාල්වරයා ගියේ කොතැනකදැයි දැන සිටියේ නැත. එය මෙි දැවන්ත සිදුවීම්වල විස්මිත හැරීමක් වූ අතර දිනක් හෝ දෙකක් සිසුන් හා කම්කරුවන් සිතුවේ ඔවුන් ජයග්‍රහණය කර ඇති බවයි. එහෙත් ඔවුන්ට වැරදිනි.
ඔහුගේ අතුරුදහන් වීම ප්‍රංශ ජනතාවට දැඩි බලපෑමක් ඇති කළේය. එය තමන්ට අහිමි විය හැකි දේ කුමක්දැයි ඔවුන්ට මතක් කර සිටියේය ජෙනරාල් ඩිගෝල් යනු ජර්මනියේ හිටිලර්ට එරෙහිව සිය හමුදාවන්ට නායකත්වය දුන් මිනිසායි.ස්වකීය මාතෘභුමිය අතෑර ගොස් ඇත්තේ ඔහුය. මොනතරම් නම් අපි ඔහුගේ සිත් රිදවා ඇත්ද ? ජනතාව සිතුවෙි එසේය..


දින තුනකට පසුව නැවත ප්‍රංශයට ආ ඩිගොල් ජාතිය අමතා තමා ජර්මනියේ ප්‍රංශ හමුදාව වෙත ගිය බවත් තමා ඉල්ලා අස්වීමට, පසුබැසීමට හෝ අගමැතිවරුන් වෙනස් නොකරන බවත්. එහෙත් තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් කැඳවන බව කියා සිටියේය . එලෙසම ඔහු පාර්ලිමෙින්තුව විසිරුවා හැරියේය. ඊළඟ දවසේ ඩි ගෝල් ආධාරකරුවන් මිලියනයකට ආසන්න පිරිසක් අරාජිකත්වය අවසන් කරන ලෙස ඉල්ලා චැම්ප්ස් එලිසීස් වෙත පැමිණියහ. රට ආරඡික වු අතර මැතිවරන ක්‍රියාවලිවයක් තුල තව දුරටත් සටන්වල තේරුමක් නොමැතිවු විට ඒව අක්‍රිය විය. කමිකරුවෝ නැවත රැකියාවලට ගියහ.


1968 මැතිවරනයෙන් ඩිගොල් ඉතිහාසගත ඡයක් ලැබීය ඔහු ප්‍රංශයේ ආසන 390 කින් 356 ක් දිනා තිබිනි. එහෙත් කිසියමි හේතුවකින් මාස කිහිපයක් ගිය තැන 1969 දී නැවත ජනමත විචාරනයක් පැවත්විනි. දෛවයේ සරදමකට මෙන් මීට මාස කිහිපයකට පෙර තුනෙන් දෙකක් ලබා ගත් චාල්ස් ඩිගෝල්ව ප්‍රංශ ජනතාව ජනාධිපති ධුරයෙන් පහකර තිබිනි. 1970 දී ජෙනරාල් චාල්ස් ඩිගොල් මිය ගියේය.

-උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

3 + 17 =