ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අම්රුල්ලා සලේ ඉලක්ක කරගනිමින් අද (09) පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප්‍රහාරයෙන් දිවි බේරාගැනීමට උප ජනාධිපතිවරයා සමත්ව ඇත.

ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපතිවරුන් කිහිපදෙනකු සිටින අතර ඉන් පළමුවැන්නා අම්රුල්ලා සලේ වන අතර ඔහුගේ රථ පෙළ ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබෙන මොහොතක වන අතර විවිධ හේතු මත ඇෆ්ගන් සාම සාකච්ඡා මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද විය. කෙසේ නමුත් තලේබාන් සංවිධානය මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නැති බවයි.

බෝම්බ ප්‍රහාරයෙන් උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර රථ කිහිපයකට හානි සිදුව තිබේ.

මෙම ප්‍රහාරයට තම සංවිධානයේ හෝ තම සටන්කාමීන්ගේ සම්බන්ධයක් නැතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පැවැසීය.

අම්රුල්ලා සලේ

Leave A Reply

Your email address will not be published.

sixteen − 7 =