රැම්සා තෙත් බිම විනාශය සෙවීමේ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ලෝකයේම අවදානයට ලක්ව තිබූ ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කර සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද(09) පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් (ස්ථාවර නියෝග 27/2 යටතේ) අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.

රැම්සා තෙත් බිමේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් ඉකුත් 26 දින විමර්ෂණ කටයුතු ඇරඹූ බවද, ඒ සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

fifteen − nine =