JASTECA 2019 සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් රන් සම්මානයක් දිනයි

JASTECA  2019 සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් හි කුරුණෑගල බාහිර රෝපණ නඩත්තු මධ්‍යස්ථානය  (OPMC) විසින් ‘Taiki Akimoto 5S’  රන් සම්මානයක් (මධ්‍ය ප්‍රමාණය සඳහා) හිමි කර ගත්තේ ය. මෙම සම්මාන උලෙළ මෙවර සංවිධානය වූයේ අඛණ්ඩව 24 වැනි වරට ය.

JASTECA සම්මාන උලෙළ යනු ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය විසින් ආයතනවල සමස්ත කාර්යසාධන විශිෂ්ටත්වය අගැයීමට ලක් කිරීම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උලෙළකි. පසුගිය වසරවල දී මෙන්ම 2019 සම්මාන උලෙළ සඳහා ද ආයතන රාශියක් සහභාගි විණි●

Leave A Reply

Your email address will not be published.

nineteen − 4 =