20 ට එරෙහිව සෝභිත හිමි පිළිරුව අබියස විරෝධතාවක්

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී “19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවැත්විණ.

මහා සංඝරත්නය, විද්වතුන්, සිවිල් සංවිධාන , විපක්ෂයේ දේශපාලඥයන් සහ වෘත්තීය සමිති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ජනතා ප්‍රතිඥාවක්ද ලබා දීමට කටයුතු කළේය.

මෙම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 19 න් ඉදිරියට ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු රාජිත සේනාරත්න, ආචාර්ය දයාන් ජයතිලක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම් සුනිල් ජයසේකර සහ උලපනේ සුමංගල හිමියෝ මෙහිදී අදහස් දක්වන ලදී.

අනතුරුව පිරිස පා ගමනින් පාර්ලිමේන්තුව දෙසට වන මහා මාර්ගයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවට එක්ව සිටී අතර මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.

4 + seven =