එංගලන්ත – ජර්මන් ක්‍රීඩිකාවෝ ප්‍රේක්ෂකයන් නොමැතිව තරගයේ

කාන්තා ලෝක කුසලාන පාපන්දු ශූරතා 2කටම හිමිකම් කියන ජර්මානු කණ්ඩායම සමඟ සුහද පාපන්දු තරගයකට එක්වීමට එංගලන්ත ක්‍රීඩිකාවන් ලබන මස අවසානයේ ජර්මනියේ සංචාරය කිරීමට තීරණය කර තිබේ. ලබන ඔක්තෝබර් මස 27 වැනිදා මේ තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. දෙරට අතර වාර්ෂිකව මෙවැනි සුහද තරගයක් පැවැත්වෙන අතර, පසුගිය වසරේ නොවැම්බරයේ එංගලන්තයේ වෙම්බ්ලි

ක්‍රීඩාංගණයේදී එලෙස කණ්ඩායම් දෙකම තරග වැදුණි. එහිදී ගෝල 2-1කින් සත්කාරක එංගලන්ත පිල පරාජය කිරීමට ජර්මානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගය නැරඹීමට අසූදහසකට ආසන්න ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවක් රැස්ව සිටියහ.

කොවිඞ් – 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලබන ඔක්තෝබරයේ ජර්මනියේ පැවැත්වෙන තරගය ක්‍රීඩාලෝලින් රහිතව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ●

Leave A Reply

Your email address will not be published.

3 + 9 =