පුත්තලම පරිසර විනාශය ගැන ජනපතිට ලියයි

පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ වන විට පරිසර විනාශය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එහි අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයයි. මෙම වන විනාශයේ වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් එක්ව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය දිනක රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ හා ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකගේ සහායෙන් කිසියම් පිරිසක් විසින් මෙම වන විනාශය සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව එම පරිසර සංවිධාන ජනාධිපතිවරයාට දැනුම් දෙයි.

ආනවිලුන්දාව රැම්සා තෙත් බිමෙහි විනාශය සිදු කර දින කිහිපයක් යන්නටත් ප්‍රථම වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනණක් පැරණි මෙම වනාන්තර පද්ධතිය දේශපාලඥයින්ගේ ආධාර අනුබල ඇතිව විනාශ කර ඇති බව ‘වයඹ පරිසර හඬ’ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියෝ මෙහිදී පැවසීය.

‘හරිත පරපුර’ පරිසර සංවිධානයේ කැඳවුම්කරු දිලංක සේනානායක සඳහන් කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ වන විට පරිසර විනාශය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ සියලු පරිසර විනාශයන් පසුපස දේශපාලඥයින් හා ඔවුන්ගේ ගෝල බාලයින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

one × 1 =