වනාතවිල්ලුව, එළුවන්කුලම අක්කර 100 ක් විනාශ කරයි

අද(06) දවස වනවිට දේශපාලනඥයින්ගේ මැදිහත්වීමෙන් පුත්තලම් දිස්ත්‍රික්කය පුරාවට සිදුවෙමින් පවතින දැවැන්ත පරිසර විනාශයේ තවත් එක් සිදුවීමක් පුත්තලම වනාතවිල්ලුව එළුවන්කුලම, කූරටියාමුල්ල ප්‍රෙද්ශයේ විල්පත්තු රක්ෂිතයට මායිමව පිහිටි පරිවාර රක්ෂිතයක් වන මෙම වනාන්තරයේ අක්කර 100 ට ආසන්න භූමි ප්‍රමාණයක් නුදුරු දිනක සිට කපා විනාශ කොට දමමින් ඇත.
මෙම වනය තුළ බුරුත, පලු, වීර, කොහොඹ අදී ඉතා වටිනා ශාක ප්‍රමානයක් දැකිය හැකිවන අතර මෙහිදී වසර සියගණනක් පැරණි දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක් කපා රැගෙනගොස් ඇත. ඉතිරි දැව කඳන් ගිණිතබා විනාශකරමින් දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් ඇති අතර මේ සදහා ප්‍රෙද්ශයේ දේශපානඥයින්ගේ රැකවරණය ලැබෙන බව ද පෙනියයි. මීට එරෙහිව පරිසරවේදීන් වන ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමි, ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක, ජවිපෙ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ගිහාන් ප්‍රනාන්දු, ‘හරිත පරපුර‘ පරිසර සංවිධානය ලේකම් දිලංක සේනානායක ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් අද දින (09/06) මෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වේවෙමින් මේ පිළිබඳ කරුණු හෙලිදරවු කිරීමට කටයුතු කළේය.

Leave A Reply

Your email address will not be published.

9 + ten =