බ්රසීලයේ සිර ගෙයක් තුළ අබිරහස් ඝාතන මාලාවක්
බ්රසීලයේ සිර ගෙයක් තුළ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් දින දෙකක් තුළ සිරකරුවන් 57ක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊයේ දිනයේ රැඳවියන් 42 මිය ගොස් ඇති අතර මෙම සිදුවීම හට ගැනීමට දින කිහිපයකට පෙර ද රැඳවියන් 15 දෙනෙකු ඝාතනය වී තිබිණි.
බ්රසීලයේ ඇමසන් පළාතෙහි මනාඔස් හි සිර මැදිරියක සිදුව ඇති මෙම අලුත්ම ඝාතන රැල්ල සිදුකර තිබෙන්නේ හුස්ම හිර කිරීම මගින් බව බලධාරීහු පවසති.
මුල්ම වරට මෙම ඝාතන රැල්ල ගැන අසන්නට ලැබුණේ පසුගිය ඉරිදාය. එහිදී පළමු 15 දෙනා කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් මරා දමා තිබෙන්නේ උල් කරන ලද දත් බුරුසුවලින් ඇනීම සහ ගෙළ සිර කිරීම මගිනි.
මීට වසර 2කට පෙර ද මෙම බන්ධනාගාරයෙන්ම මේ ආකාරයේ ගැටුම් සහ අබිරහස් මරණ වාර්තා විය. එහිදී රැඳවියෝ 65 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.