හිස්බුල්ලාගේ මුස්ලිම් කලාප සැලැස්ම අසාර්ථකයි
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ නියෝගයක් අනුව එම පළාතේ දෙමළ පාසල් වලින් සියළුම මුස්ලිම් ගුරුවරුන් මාරු කර මුස්ලිම් පාසල් වලට අනුයුක්ත කිරීම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබේ.
ඒ අනුව නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එම මාරු කිරීම් සියල්ල අවලංගු කර ඇත.
ආණ්ඩුකාර හිස්බුල්ලා නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල සේවය කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසැල් වලට මාරු කරමින් සිටින බවටත් කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන්නේ ඇයි දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ජනාධිපතිවරයා එම ස්ථානමාරු වහාම අවලංගු කර ඇත.
මේ තත්ත්වය මත මුස්ලිම් පාසැල් තිහක් එක්කරමින් කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කළාපයක් පිහිටුවීමට ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවද වාර්තාවේ.