නෙට්බෝල් බලය වික්ටෝරියා ලක්ෂ්මිට

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස හිටපු සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි යළිත් වරක් නිතරගයෙන් තේරී පත් වූවාය. ඒ සංගම් 22ක යෝජනා ස්ථීරත්වයෙනි. නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති අතර එහිදී හිටපු නෙට්බෝල් සම්මේලන කණ්ඩායමම නැවතත් එම තනතුරුවලට පත්වීම කැපී පෙනුණි.

“සංගමයක් දෙකක් හැර අනෙක් බහුතරයක් දෙනා අපට සහය දුන්නා. ඒ නිසයි යළිත් අපිවම තේරුවේ. දැන් ඡන්දය අවසන්. අපි සියලු‍ පාර්ශ්වලට ආරාධනා කරනවා නෙට්බෝල් ක්‍රීඩාව දියුණු කරන්න එකතු වෙන්න කියලා” ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි කියා සිටියා ය.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නාම යෝජනා 7කට එරෙහිව රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමයේ සභාපති ටි්‍රක්සි නානායක්කාර ක්‍රීඩා ඇමැතිවරයා වෙත අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණද එය ඉදිරිපත් කිරීමේදී තාක්ෂණික දෝෂයක් තිබූ හෙයින් ප්‍රතික්ෂේප කෙරුණි.

නව ප්‍රධාන නෙට්බෝල් පුහුණුකාරිනිය සොමිතා රත්නවීර

නෙට්බෝල් සම්මේලනය නිලධාරීහු මණ්ඩලය මෙසේය

සභාපතිනි – වික්ටෝරියා ලක්ෂ්මි, ලේකම් – වම්පා ගුණවර්ධන, භාණ්ඩාගාරික -පද්මීණි හොරනගේ මහත්මිය (නිතරගයෙන්), උප සභාපති – ටී.එම්. කුමාරිහාමි, උප ලේකම් – සුමිත්‍රා වනසිංහ, ශ්‍යාමා කුරේ, උප භාණ්ඩාගාරික – හිරන්ති සේනානායක● 

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

fourteen − six =