ෂාෆි ගැන සොයන්න අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක්

අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති චෝදනා සම්බන්දයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන වෛද්‍යවරු තිදෙනෙකු සහ වෛද්‍ය සභාවේ නියෝජිතයෙකුද එම මණ්ඩලයට පත් කොට තිබේ.

සිසේරියන් සැත්කම් අතරතුරේදී මව්වරුන් වඳ භාවයට පත්කොට ඇතැයි කියනු ලබන සිද්ධි සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා හට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා හරහා මේවන විට චෝදනා එල්ලවී තිබේ.

අදාල වෛද්‍යවරයාගේ වත්කම් සහා හේ වත්කම් ඉපයීම් කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිල්හාන් විමල්ක

Leave A Reply

Your email address will not be published.

11 + 18 =