DIG මාරු කරන්න ගියොත් මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ ! – රතන හිමි

අත් අඩංගුවේ පසුවන වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවලට ඇමතිවරුන් බාධා කළහොත් ඉතාම බරපතළ තත්වයක් මතුවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඊයේ (27) දැඩි ආවේගශීලී සහ ප්‍රකෝපකාරී ලෙස අනතුරු හඟවා සිටියේය.

මෙම විමර්ශනවලට බාධා නොකරන ලෙසත් දුරකථන ඇමතුම් ලබා නොදෙන ලෙසත් පැවසූ රතන හිමි “ඇමතිවරු හිතං ඉන්නවා නම් ඒ ගොල්ලො මේ රට පලනය කරන්නෙ කියලා, එහෙම පාලනය කරන්න දෙන්නෙ නෑ අපි මින් පස්සෙ. මින් පස්සෙ මේ රට පාලනය කරන්නෙ මහපාරෙ ඉඳගෙන අපි කියන එක මං මේ අවස්ථාවෙ කියන්න කැමතියි” යනුවෙන් සඳහන් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට අවශ්‍ය ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාව මාරු කිරීමට හෝ වැඩ තහනම් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ රතන හිමි මේ පිළිබඳ විමර්ශනය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද කළ යුතු බව අවධාරණය කළේය.

එසේම, අදාළ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි භාරගැනීම පමණක් සිදු කෙරෙන, පරීක්ෂණ ආරම්භ වී නොමැති මට්ටමකදී රතන හිමියන් මාධ්‍යවෙත ප්‍රකාශ කළේ වෛද්‍යවරයාට එරෙහි චෝදනා 99%කින්ම තහවුරු වී ඇති බවකි. එසේ පවසා ජනතාවට කුපිත නොවන්නැයි ද එහිමි ප්‍රකාශ කළේය.

එසේම ඇමතිවරුන් මීට බලපෑම් කිරීමට පැමිණියහොත් ලක්ෂ ගණන් මහජනතාව සමඟ පැමිණ ඇමතිවරුන්ගේ නිවාස වටළන බව කී රතන හිමි ” DIG ට්‍රාන්සර් කරන්න, DIGට දඬුවම් දෙන්න පටං ගත්තොත් මතක තියාගන්න, මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ !” යනුවෙන් තර්ජනයක් ද කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා දිනක් තුළ ඉල්ලා අස්විය යුතු බව ද එහිමි අවධාරණය කළේය.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (27) කුරුණෑගල රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

L

Leave A Reply

Your email address will not be published.

1 + 10 =