මාලිංග මෙවර IPL තරගාවලියෙන් ඉවත් වෙයි

මෙවර 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා වේග යවන ක්‍රීඩක ලසිත් මාලිංග තීරණය කර තිබේ.

වසර ගණනාවක් මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවන බව නිල වශයෙන් දැනුම් දී ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ අයි.පී.එල්. කිරුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත ලබා දීමට පුරෝගාමී මෙහෙයක් ඉටු කළේ ද ලසිත් මාලිංග ය. මාලිංගගේ සහබාගීත්වය නොමැති වීමත් සමඟ ඊට වඩාත් ගැළපෙනම වේගපන්දු යවන්නා ලෙසින් ජේම්ස් පැටින්සන් යොදා ගැනීමට තීරණය කළ බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නා ලෙස මාලිංග වාර්තා අතරට එක්වන අතර මේ වන විට අයි.පී.එල්. තරග 122කදී මාලිංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

16 − eight =