ගින්නක් හටගත් නැවේ 23 ක් බේරාගනී

සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් නැගෙහිර මුහුදේ ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞකාවක අද (3) ගින්නක් හටගෙන තිබේ.

ඉන්දියාවට ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් රැගෙන යමින් තිබු මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ සිට පැමිණෙමින් තිබියදී අනතුරට මුහුණ පා ඇති බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ටී.ශ්‍රීපති පැවසීය.

එහි කාර්ය මණ්ඩලයේ සිටින 23 දෙනෙකු නාවික නෞකා දෙකකින් බේරාගෙන තිබේ.

අනතුරට පත් නෞකාවේ ගින්න එන්ජින් කාමරයක හටගෙන ඇති අතර ගින්න හේතුවෙන් ලිහිසි තෙල් මුහුදට මිශ්‍ර වී නැති අතර ඒ සම්බන්ධයෙන් නීරික්ෂණයක යෙදී සිටින බව ශ්‍රීපති මහතා පවසයි

Leave A Reply

Your email address will not be published.

2 × two =