ලොව බිහිසුණු එකාධිපති – ඉන්දුනීසියාවේ සුහර්තෝ

1921 ජුනි 8 වන දින ඉන්දුනීසියාවේ කුඩා ගමක් වූ කෙමුසුක් හි උපන් ඔහු එරට දෙවන ජනපති බවට පත් විය. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව හමුදා සේවයට එක් වී ඕලන්ද හා ජපන් යටත් විජිත හමුදාවන් සමග සේවය කළේය. 1945 දී ජපන් යටත් විජිතයෙන් නිදහස් වූ ඉන්දුනීසියාව, එහි මුලාර්ම්භක හමුදාවට සුහර්තෝ බඳවා ගනු ලැබීය. ඉන් පසුව ඉන්දුනීසියානු නිදහස් හමුදා හා ජපන් හමුදා අතර සටන් ඇවිලී ගිය අතර සුහර්තෝද තම රට වෙන්වෙන් සටන් වැදුනි. ඉන් පසුව ඔහු මේජර් තනතුරට උසස් කරන ලදී.
1953 වන විට ඔහු හමුදා සේනාංක 4 කට අණ දෙන නිලධාරියා විය. එවකට පාලනය ගෙන ගියේ ප්‍රගතිශීලී නායකයෙකු වූ සුකර්ණෝ විසිනි. 1957 ඇරඹි ආගමික කෝලාහල මර්ධනය කිරීමට පැනවූ මාර්ෂල් ලෝ නීතිය හරහා සුහර්තොටද සිවිල් පරිපාලනයට පිවිසීමේ මග විවර විය. 1962 වන විට හමුදාවේ ඉහලම තනතුරට පිවිසීමත් සමගම 1965 සැප්තැම්බර් 30 දින සිදු වූ මහා කොමියුනිස්ට් ඝාතනයට ඍජු ලෙසම අණ දෙනු ලැබුවේ සුහර්තෝ විසිනි. එම දඩයම කොමියුනිස්ට්වාදී ජනපති බලයෙන් නෙරපීම දක්වාම දිගු විය. මෙයට හේතු වුයේ 1965 අගෝස්තු මස දී එරට නිදහස් උළලේදී සුකර්ණෝ විසින් ප්‍රකාශ කල තම ඉදිරි දැක්මය. ඔහු කියා සිටියේ මින් ඉදිරියට ඉන්දුනීසියාව කොමියුනිස්ට් ලෝකය හා අත්වැල් බැඳ ගන්න බවයි. මේ කාලය වන විට ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවිය.
1966 මාර්තු මස හමුදා කුමන්ත්‍රණය සිදු විය. සුකර්ණෝ ජකාර්තා නුවරින් පලා ගියේය. ජකාර්තා වලින් ආරම්භ වූ මර්ධනය රට පුරා ක්‍රියාත්මක විය. අවම වශයෙන් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ද ලක්ෂ 5 ක් පමණ සුහර්තෝ ගේ අණ දීමෙන් මරා දමන ලදී. මිනිසුන්ගෙන් හිස් ගෙඩි වලින් කරත්ත පිරී තිබුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. දැඩි මර්ධනකාරී අනපනත් ගෙන එමින් ජනපති පදවියට පැමිණි සුහර්තෝ එරට සියලුම වාමාංශික දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තහනම් කර දැමීය. පුවත් පත් නිදහස අහුරමින් රජයේ මාධ්‍ය පමණක් ක්‍රියාත්මක කළේය. වසර 31 එක දිගට කිසිදු මැතිවරණයක් නොපවත්වා ඒකාධිපති පාලනයක් ගෙන ගියේය.
ඔහුගේ දුෂිත පාලනයට එරෙහිව රට පුරා වරින් වර සටන් ඇවිලී ගියේය. එහෙත් ඒ සියලුම ජනතා නැගිටීම් හප කර දැමුවේ හමුදාවේ හා පොලිසියේ බලය යොදමිනි. බැන්ඩුන් විශ්ව විද්‍යාලයට කඩා වැදී සිසුන් සිය ගණනක් මරා දැමීම විශේෂිත සිදු වීමකි. 1969 වන තම පාලනයේ 70% ක් පමණ හමුදා වේ නිලධාරීන් විය. නැගෙනහිර ටිමොරයට කඩා වැදී සිදු කල අපරාධය ගණනය කල නොහැකි තරම්ය. එහිදී ලක්ෂයකට වඩා සිවිල් වැසියන් මරා දැමුවේ බලයට ඇති කෑදරකම නිසාය.
සුහර්තෝගේ පුත්‍රයන් වූ රුක්මානා හා හුටෝමාන් සතු සමාගම් වලින් මුළු රටේම ආර්ථිකය පාලනය කළේය. පවුල සතුව වර්ග කිලෝමීටර 36,000 ක වතු තිබුණි. නැගෙනහිර ටිමෝරයේ මුළු භුමි භාගයෙන් 40% අයත් වුයේ සුහර්තෝ පවුලටය. ඉන්දුනිසියාවේ පැවති 1251 ක් වූ සමාගම් වලින් තම පවුලට නොමිලේ කොටස් ප්‍රමාණයක් දිය යුතු විය. සුහර්තෝ පව්ලේ මුළු වත්කම ඩොලර් බිලියන 15 ක අගයකි. මහජනතාවගේ මුදල් ඩොලර් බිලියන 15- 35 අතර මුදලක් හොරා කෑ බව පසුව අනාවරණය විය. රජයේ අරමුදල් ( විශ්‍රාම වැටුප් , අර්ථ සාධක වැනි ) ඩොලර් මිලියන 571 ස්විස් බැංකු වල තැන්පත් කර තිබුණි.
1998 දී හටගත් ජනතා නැගිටීම් වල ප්‍රතිපලයක් වශයෙන් සුහර්තෝට සිහසුනෙන් බැස යාමට සිදු වුයේය. එම අරගලයේදී ද දහස් ගණනක් ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ නාමයෙන් දිවි පිදීමට සිදු විය. 2008 වසරේ එරට ස්ථාපිත සිවිල් අධිකරණයේදී සොරාගත් මුදල නැවත රජයට ගෙවන ලෙස නියෝග කළේය. ඩොලර් මිලියන 110 ක මුදලක් සුහර්තෝ ගෙවන ලදී. ඔහුගේ පුත්‍රයෙකු වූ ටෝමීට දුෂණ වංචා සිදුකිරීමේ වරදට වසර 15 ක සිර දඬුවමක් හිමි විය. ඔහුගේ සොහොයුරන්ටද නඩු අසා සිර දඬුවම් දෙන ලදී. ඩොලර් මිලියන 440 ක ජනතා මුදල් කොල්ල කෑමේ වරදට එරෙහිව නඩු විභාගය සිදු වෙද්දී 2008 ජනවාරේ 27 වන දින ජකාර්තා රෝහලකදී සුහර්තෝ මිය ගියේය. ඔහු රැගෙන ගියේ පිළිකුල සහ අපකීර්තිය පමණි.

Leave A Reply

Your email address will not be published.

4 × 5 =