ශානි ලබන 17 දක්වා යලි රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් ලබන 17 දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න අද (3) නියම කළේය.

අධිකරණයට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා එල්ල වී ඇති අතර ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් සම්බන්ධයෙනි.

මෙම චෝදනා සම්බන්ධයෙන් 03 වන සැකකරු ලෙස නම් කර ඇති හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය මගින් නිකුත් කර ඇති විවෘත වරෙන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුව ක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව ද පැමිනිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසීය.

මෙම නඩුවේ 04 වන සැකකරු ලෙස හිටපු පොලිස් නිලධාරි යෙකු වන නවරත්න ප්‍රෙමතිලක යන අයෙකු නම් කළේය.

Leave A Reply

Your email address will not be published.

twenty + five =