එහෙම කරන හැටි භූතානයෙන් ඉගෙන ගන්න

භූතානය කියන්නේ වත් පොහොසත්කමක් ඇති රටක් නොවේ. ඒත් ලෝකයේ ‘දළ ජාතික සතුට‘ (GNH – Gross National Happiness) දර්ශකයෙන් ඉහළම තැනක රටක්. මේ දර්ශකය තැනෙන කරුණුවලින් ප්‍රධාන එකක් තමයි පරිසර සංරක්ෂණය. රටේ බිම් ප්‍රමාණයෙන් 60% ක ට වඩා වනගහනයක් පවත්වාගත යුතුයි කියලා ව්‍යවස්ථාවෙන්ම නියම කොට ඇත. ඒක ඒ රටේ ජාතික ප‍්‍රතිපත්තිය ය . දර්ශකයන් අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන. ලෝකයෙන් අටවැනි තැන. භූතානය පිහිටා තිබෙන තැන අනුව හා මේ පරිසරය රැකීමේ ප්‍රතිපත්තිය නිසා අදටත් එය ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ජලය සපයන කලාපයක්.
අපේ රටේ මධ්‍යම කඳුකරය කපා විනාශ කළ සුද්දන් පවා දැන් එක්සත් රාජධානියේ ත්, අරාබි ජාතිකයන් විසින් වතුර පොදක් නැති අරාබි කාන්තාරයේත් පරිසරය රකින හැටි මා හොඳින් දැක ඇත. පරිසරය රකින දැඩි නීති යටතේ මා ද සේවය කොට ඇත.
මහපොළොව සමග ගනුදෙනුවේදී අපේ පාලකයෝ බොහෝ විට කයිරාටිකය. ගුණමකුය. ආර්මාර්තකාමීය. ඔවුන් හිතන්නේ පරිසරය හා මානවයා යනු දෙකක් කියාය. පරිසරය නසා මානවයා රැකගත හැකි කියා ය. අද විල්පත්තුවෙත්, සිංහරාජයේත්, ආනවිලූන්දාවේත්, හන්තානෙත්, දෙනියායේත්, මධ්‍යම කඳුකරයේත් සිදුවන්නේ එදා සුද්දාටත් අද අමන මගඩි පාලකයන්ටත් අවශ්‍යවූ දේ මිස රටට හිතකර දේ නොවේ. වැහි රහිත පළාත් වලට වැසි වහින්නේ පාලකයන් එන නිසා යැයි සිතන ජනතාවක් හා පරිසරවේදීන් ත්‍රස්තවාදීන් යයි සිතන පාලකයින් දෙගොල්ලොම මේ ඉදිකරමින් සිටින්නේ මේ ස්වර්ණභූමිය කාන්තාර භූමියක් කරා ගෙන යන මාවතයි. මෙය එදා ගෝත්‍රික සියටෙල්ලාට තේරුනාට සියලු සම්පත් විකුණා පොලිටිකල්ලාට තේරෙන්නේ නැත. තේරුනත් පුද්ගලික අරමුණු වෙනුවෙන් රට ජාවාරම කරුවනට බිලිදෙමින් පරිසරය වැනසීමට දැනටමත් සැලසුම් කොට හමාරය. එය උන්ගේ ජාතික ප්‍රතිපත්තිය. භූතානය අපෙන් වෙන්වෙන්නේ භූමියෙන් පමණක් නොවේ මේ දීන ප්‍රතිපත්තිය නිසාය.
අපේ ඇත්තෝ හොයන්නේ දළ ජාතික සතුට (GNH) ට වඩා පරිසරය විනාශ කොට හෝ හොයන දළ ජාතික ආදායම (GDP) ගැන. හැබැයි ඒකෙනුත් ඉන්නේ ඉතා පහලය.
මේ කියන්නේ අපේ රට භූතානයක් කරන්න කියල නෙවි භූතානයෙන් ගන්න පුළුවන් දේවල බොහෝ තියෙනවා කියලයි.
මහ කැලයට සවන් දෙන්න.
ඔව්! ඒ හඬට හොඳින් සවන් දෙන්න.
මේ ඇසෙන්නේ ඔබ ම හුස්ම ගන්නා රාවය යි.
පරිසරය වනසන කිසිදු වෑයමකට වාචිකව හෝ සහය දීමෙන් කරන්නේ ජාතික අපරාධයකි.
-නයනසේන වන්නිනායක

Leave A Reply

Your email address will not be published.

7 − 6 =