නේපාලයේ කත්මන්ඩු අගනගරයේ ස්ථාන 03ක පිපිරීම් 03ක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් මේ වන විට පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කත්මන්ඩු පොලිස් නිලධාරියෙකු වන Shyam Lal Gyawali විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ බලධාරීන් විසින් මෙම පිපිරීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.
කත්මණ්ඩු ප්‍රාන්ත 02ක මිනිත්තු කිහිපයක් ඇතුලත පළමු පිපිරීම් 02 සිදුවී ඇති අතර තුන්වන පිපිරීම ඉන් පැය කිහිපයකට පසුව සිදුව තිබෙනවා.
සිසිර යාපා