චොකා මල්ලිට බැරි වුනොත් මන්ත්‍රී ධුරය සඳහා කුසපත් ඇදීමක්

පොහොට්ටුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර ගේ (චොකා මල්ලි) මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් හිස්වන මන්ත්‍රී ධුරය සඳහා කුසපත් ඇදීමක් සිදුකර සුදුස්සා තෝරණ බව මැතිවරණ කොමිසම පවසයි.

මෙලෙස කුසපත් ඇදීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින සනී රෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර යන අපේක්‍ෂකයන් දෙදෙනාම මනාප 53,261 බැගින් සමාන මනාප ප්‍රමාණයක් ලබා සිටීම නිසාය.

ප්‍රේමලාල් ජයසේකර ට මරණ දඬුවම නියම වීම නිසා, පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එහෙත් මෙම තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිල වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දී නැත.

ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පසුගියදා සඳහන් කළාය

Leave A Reply

Your email address will not be published.

20 + six =