ඊයේ දින (01) කොවිඩ් 19 ආසාදිතයින් 43ක්

කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම 43 දෙනා අතර කටාර් සිට පැමිණි පුද්ගලයින් 26ක්, ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 06ක්, කුවේට් සිට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත.

මෙරට තුළ PCR පරීක්ෂණ ඊයේ දිනයේදී 1,810ක් සිදුකොට ඇති අතර මේ දක්වා සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 228,052ක් වන බවද සෞඛ්‍ය අංශ පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගෙන් මේ වන විට සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2879ක් වන අතර තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 201ක් වෙයි.
මේ වන විට මෙරට නිරෝදායන මධ්‍යස්ථාන වළ ඉඩ කඩ සීමාවෙමින් පවතින බවත් එනිසාම විදේශයන් සිට පැමිණෙන පිරිස සීමා කිරීමට සිදුවෙන බව ද දැනගන්නට ලැබේ.

Leave A Reply

Your email address will not be published.

one + fifteen =