වෙබ් මාධ්‍යවේදියා 14 දා දක්වා රිමාන්ඩ්

අධිකරණයට අපහාස කළ බවට චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වෙබ් මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම අද (01) නියෝග කළේය.

ඔහු lanka newsweb org යන වෙබ් අඩවියෙන් නවාස්, කුමුදුනී වික්‍රමසිංහ හා දේවිකා තෙන්නකෝන් යන විනිසුරුවන් අල්ලස් ලබාගෙන ඇති බවට ඇඟවෙන පුවත් පළ කර මින් අධිකරණයට අපහාස කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශය අධිකරණයට පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පසුගිය මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයට කර තිබූ පැමිණිල්ලකට අනුව ඩෙස්මන් චතුරංග ද අල්විස් පරිගණක අපරාධ පනත යටතේ අත්අඩංගුවට ගත්තේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශිරාල් ලක්තිලක අධිකරණයට අවධාරණය කර සිටියේ අදාළ තොරතුරු චතුරංග ලැබී ඇත්තේ ඊමේල් පණිවුඩයකින් බවත්, ඔහු ඒවා ප්‍රචාරය කර නැති බවයි.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙනී සිටියේය.

Leave A Reply

Your email address will not be published.

14 + 7 =