ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමට ලක්ව ඇති මොහොතක ආණ්ඩුව සංදර්ශන පවත්වනවා – විජිත හේරත්

ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසාත්, 21 ප්‍රහාරය නිසාත් ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමට ලක්ව ඇති මොහොතක කැපකිරීම් කළ යුතු ආණ්ඩුව සංදර්ශන පවත්වමින් දැවැන්ත ලෙස ජනතා මුදල් නාස්ති කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අනාවරණය කළේ ය.

දිළඳුකම තුරන් කිරීමේ වසර ලෙස 2018 වසර නම් කළ ආණ්ඩුව දැන් එය අමතක වී මේ වනවිට සමෘද්ධි ලබන ලක්ෂ 14ක ගොඩට තවත් ලක්ෂ 06ක් එක්කර ඇති බවද විජිත හේරත් පෙන්වා දුන්නේය.

රටේ දුප්පත් ජනතාව, අඩු අදායම් ලබන ජනතාව නගා සිටුවීම සඳහා ආරම්භ කරන ව්‍යාපෘතිවලට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු විරෝධතාවක් නැති නමුත් මෙම ලක්ෂ 06ට සමෘද්ධිය ලබාදීම සඳහා ආණ්ඩුව ප්‍රචාරක වියදම් සඳහා රුපියල් දසලක්ෂ 1800ක් ඇස්තමේන්තු කර ඇති බවත් එම ඇස්තමේන්තුව රුපියල් දසලක්ෂ 3000ක් කළ යුතු බව ඇමතිවරයා ඉල්ලා ඇති බවත් මෙහිදී ඔහු අවධාරණය කළේ ය.

මෙහි දිස්ත්‍රික්ක 25 සඳහා වේදිකාව ඉදිකිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 700ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් මෙහිදී ඔහු පැවසීය.

මෙම කරුණු අනුව සමුපූර්න වියදම රුපියල් රුපියල් දසලක්ෂ 3000ක් වුවහොත් අලුතින් සමෘද්ධි ලාභී එක් පවුලක් වෙනුවෙන් ප්‍රචාරක වියදම් ලෙස පමණක් ආණඩුව රුපියල් 5000ක් මුදලක් ආණ්ඩුව වැය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.