SLIM 50වන වසර වෙනුවෙන් නව විධායක කමිටුවක්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 50 වැනි වාර්ෂික මහ සභා රැස්වීම රජයේ සෞඛ්‍යාරක්ෂණ නීතිරීති අනුව 2020 ජූනි මස 26 වැනිදා කොළඹ ‘මරීනෝ’ හෝටලයේ දී පැවැත්විණ. එහිදී SLIM 50 වසරක අභිමානවත් ගමන්මඟ තුළ පත් වූ 42 වැනි සභාපතිවරයා ලෙස රොෂාන් ප්‍රනාන්දු මහතා තේරී පත් වූ අතර, 2020-2021 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක් ද එහි දී තෝරා පත් කර ගන්නා ලදී.

SLIM  නව සභාපතිවරයා ලෙස පත් වූ රොෂාන් ප්‍රනාන්දු මහතා ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ අලෙවි සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරනු ලබයි. රොෂාන් මහතාගේ අලෙවිකරණ වෘත්තීයවේදී කුසලතාව Certified Professional Marketer (Asia) (Asia Marketing Federation) සහ Practising Marketer (SLIM) යන දෙස් විදෙස් අලෙවිකරණ වෘත්තීය සුදුසුකම් දරන අතර, ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මෙන්ම මහා බි්‍රතාන්‍යයේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ (CIM) ගෞරවනීය සාමාජිකත්වය ද ලබා ඇත.

මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා හි දකුණු ආසියානු නව වෙළෙඳපොළ අලෙවි හා සන්නිවේදන කළමනාකාර තිලංකා අබේවර්ධන මහත්මිය ව්‍යාපෘති පිළිබඳ උප සභාපතිනිය ලෙසත් Arinma Holdings (Pvt) Ltd හි ව්‍යාපාර සබඳතා හා සන්නිවේදන අංශ ප්‍රධානී නුවන් ගමගේ මහතා අධ්‍යාපන කටයුතු පිළිබඳ උප සභාපතිවරයා ලෙසත් තේරී පත් විය. Hemas Pharmaceuticals (Pvt) Ltd iy Hemas Surgical & Diagnostics (Pvt) Ltd හි අධ්‍යක්ෂ විකුණුම්, චින්තක පෙරේරා මහතා නව ලේඛකාධිකාරී ලෙසත්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාර ගයාන් පෙරේරා මහතා සහකාර ලේඛකාධිකාරී ලෙසත් එහිදී තේරී පත් විය. 2020-2021 වසර සඳහා භාණ්ඩාගාරිකවරයා ලෙස HMD Global Inc ක්ෂේත්‍ර සේවා අංශ ප්‍රධානී ආචාර්ය ජයන්ත දේවසිරි මහතා තේරී පත් විය.

SLIM විධායක කමිටුව සඳහා ද පළපුරුදු අලෙවිකරණ වෘත්තීයවේදීන් 10 දෙනකු එහි දී තෝරා පත්කර ගන්නා ලදී. එනම්, මංතික රණසිංහ (ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී – Kapruka.com),  සතිකා වික්‍රමසිංහ, (දත්ත විශ්ලේෂණ හා ප්‍රවේග අංශ කළමනාකාර – Fonterra Brands Lanka), ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක (ව්‍යාපාර සංවර්ධන හා අලෙවි සංවර්ධන අංශ ප්‍රධානී – ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම, ව්‍යාපාර සංවර්ධන අලෙවි හා වෙළෙඳපොළ උපායමාර්ග පිළිබඳ සාමාන්‍යාධිකාරී – Softlidz Solutions Private Limited), චරක පෙරේරා (විධායක අධ්‍යක්ෂ – Fuchsia Retail S.A. (Private) Limited), නුවන් තිලකරත්න (අලෙවි කළමනාකාර – යුනියන් බැංකුව), අසංක පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී -), Arugambay Beachwear (Pvt) Ltd). නියාස් මොහොමඞ් ශිරාස් (අලෙවි හා විකුණුම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී -Fentons Limited), අසේල සී. ගුණසේකර (සන්නාම සංවර්ධන කළමනාකාර – Metecno Lanka (Pvt) Ltd), චන්න ජයසිංහ (සන්නාම සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර – Kelani Cables Plc) සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ව්‍යාපාර පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තෙසාරා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ය●

Leave A Reply

Your email address will not be published.

three × 4 =