ත්රස්තවාදීන්ගේ දෙවන ප්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු රත්නපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මොහු රත්නපුර කැටලියන්පල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත්රිකාවල අඩංගු ජනතාව තුල සැකය , අවිශ්වාසය හා භීතිය පතුරන කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට පත් තැනැත්තා මෙම පත්‍රිකාවෙන් පෙන්වා දෙන කරුණු ඔහුට දැනගැනීමට ලැබුණු ආකාරය සහ ඉහල දේශපාලන සබදතා පිලිබදවද පොලීසියේ අවධානය යොමුව තිබේ.
සිංහල ජාතිකයෙකු වූ අත්අඩංගුවට පත් පුද්ගලයා මෙම තොරතුරු වල යම් සත්‍යතාවයක් ඇත්නම් ආරක්ෂක අංශවලට ලබානොදී අත්පත්‍රිකා මගින් ප්‍රසිද්ධ කරමින් ජනතාව භීතියට පත්කලේ කාගේ දේශපාලන උවමනාවක් මතද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදු කරයි.
CXN