NDB සහ Maersk සහයෝගීතාවෙන් අපනයනකරුවන්ට නව අවස්ථා

NDB  ‘ජයගමු ශ්‍රී ලංකා’ කුඩා, මධ්‍යම සහ ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමේ ආර්ථික දැක්මට අනුව අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම අපනයන සේවා මෙන්ම නැව්ගත කිරීමේ දී අත්‍යවශ්‍ය වන ප්‍රතිලාභ සැලසීම පිළිබඳව NDB බැංකුව Maersk සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබිණ.

භෘඊ සහකාර නියෝජ්‍ය සභාපති ඉන්දික රණවීර මහතා සිය අදහස් දක්වමින් පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ කාලයට අනුකූලව අවශ්‍ය විසඳුම් පිළිබඳව දැනුම්වත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ගොඩනැඟීම NDB ‘ජයගමු ශ්‍රී ලංකා’ තුළින් මුල පුරා ඇති බවයි.

දැනට රටවල් 121ක ගෝලීය වශයෙන් වරායවල් 343ක් සමඟ සබඳතා පිහිටුවා ඇති Maersk සමාගම ලොව පුරා සමාගම් 1,904ක් ස්ථාපිත කර ඇත. මෙම අවබෝධතා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව ගෝලීයව පුළුල් ආකාරයෙන් සම්බන්ධ කිරීමට හැකියාව ලැබී ඇති අතර මෙමඟින් අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය, රේගු සහ නීතිමය ලිපි ලේඛන නිශ්කාෂණය, භාණ්ඩ එක්රැස්කර ප්‍රවාහනය කිරීම සහ NDB අපනයනකරුවන්ට තම භාණ්ඩ බෙදාහැරීමටත් අවශ්‍ය දැනුම මෙන්ම අවකාශය ලබා දීමට Maersk සමත් වී තිබේ.

Maersk සිය ගනුදෙනුකරුවන්ගේ ආර්ථික වර්ධනයට උපකාරී වන පරිදි වෙළෙඳාම සකස් කිරීමට රුකුල් වන ගෝලීය වශයෙන් කීර්තිනාමයක් සහිත බහාලුම් සැපයුම් සමාගමකි. අපනයනකරුවන්ට භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය සරල ලෙස සක්‍රිය කිරීමට දායක වීම සහ ශක්තිමත් කිරීම ඵ්ැරින හි ප්‍රධානතම අරමුණ වේ.

කාලීනව ඩිජිටල්කරණය වෙමින් ට්විල් ලොජිස්ටික්ස් සේවාව නිවසේ සිටම ඔන්-ලයින් තාක්ෂණය ඔස්සේ නැව් මඟින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙන් කිරීම, භාණ්ඩ ගමනාන්තය දක්වා අධීක්ෂණය, මිල ගණන් විනිවිදව දැනගැනීම, දවසේ පැය 24 පුරාම සේවය ලබා ගැනීමේ හැකියාව ආදිය හඳුන්වා දෙමින් මෙම අතිසංකීර්ණ ක්‍රියාවලිය පහසු කර ඇත. සැපයුම් ක්‍රියාවලියේ ඇති සංකීර්ණතා අවම කරමින් ජාත්‍යන්තර වෙළෙඳපළ වෙත දේශීය අපනයනකරුවන්ට ප්‍රවේශ වීමේ හැකියාව සකස් කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සිදු කිරීම සිය අභිප්‍රාය බව Maersk දේශීය කළමනාකරු සිද්ධාර්ත් ලියර් මහතා පැවසී ය.

වසර 40ක් පුරා ජාතික ආර්ථික වර්ධනයේ එනම් කර්මාන්තවල, ව්‍යවසායයන්වල, ව්‍යවසායකයන්ගේ උත්ප්‍රේරකයක් වන NDB බැංකුව වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත 4වන විශාලතම වාණිජ බැංකුව වන අතර, අත්තිකාරම්වල හා තැන්පතුවල සමුච්චිත සාමාන්‍ය වර්ධන වේගය පිළිවෙළින් 21%ක් හා 25%ක් දක්වාත් වර්ධනය කරගෙන ඇත. NDB සමූහයේ සංවර්ධන මූල්‍ය සේවා දායකත්වයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කළ භෘඊ බැංකුව මෙරට ආර්ථික ක්‍රියාවලියෙහි නොමැකෙන සටහනක් තබන්නට සමත් වූ බැංකුවකි●

Leave A Reply

Your email address will not be published.

4 × two =