යුදෙව් තොප්පිය පැළඳ සිටීමෙන් වළකින මෙන් ඉල්ලීමක්

100

යුදෙව් ජාතිකයන්ට සිදු වන හිරිහැර වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල යුදෙව් සාම්ප්‍රදායික හිස්වැස්ම පැළදීමෙන් වැළකී සිටින ලෙස ජර්මානු රජය ඉල්ලීමක් කරයි.

යුදෙව් ජාතිකයන්ට එරෙහිව සිදු කෙරෙන හිරිහැර සහ වෙනස්කොට සැලකීම වැඩි වීම නිසා ‘කිප්පා’ (Kippa) නමින් හැඳින්වෙන යුදෙව් ජනයාට ආවේණික හිස්වැස්ම ජර්මනියේ සමහර ප්‍රදේශවල ප්‍රසිද්ධියේ පැළඳ සිටීමෙන් වළකින ලෙස අදාළ ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියා කරන කොමිසමේ ප්‍රධානී ෆීලීක්ස් ක්ලේයින් (Felix Klein) දැනුම් දෙයි.

“ජර්මනියේ සෑම තැනකම මේ තොප්පිය පැළඳගෙන සිටින්න කියලා මට යුදෙව් ජාතිකයන්ට නිර්දේශ කරන්න බැහැ” යැයි ෆීලීක්ස් ක්ලේයින් පුවත්පතකට (Funke ) පවසා ඇත.

පසුගිය වසර පුරා යුදෙව් විරෝධී හිරිහැරවල විශාල වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බව ජර්මානු රජයේ වාර්තාවලින් පෙන්නුම් කෙරෙයි.

2018 වසර තුළ යුදෙව්වන්ට එරෙහි වෛරී ක්‍රියාවන් 1,646ක් වාර්තා වූ අතර, එය පෙර වසරට වඩා 10%ක වැඩි වීමකි.

එම වසර තුළ යුදෙව්වන්ට මුහුණ දුන් පහර දීම් හැට දෙකක් (62) වාර්තා වුණ අතර, 2017 වර්ෂයේ වාර්තා වී ඇත්තේ එවැනි සිද්ධීන් 37ක් පමණි.

යුදෙව්වන්ට එරෙහිව සිදුවන අපරාධ “අප රටට ලැජ්ජාවක්” යැයි ජර්මානු අධිකරණ ඇමතිනී කටරීනා බාර්ලි (Katarina Barley) පැවසූ බව Handelsblatt පුවත්පත වාර්තා කරයි.

Previous articleමම ගත්තොත් දෙන්නෙ නැහැ-හමුදාපති කියයි
Next articleත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන අත්පත්‍රිකා බෙදූ පොහොට්ටුවේ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here