අතුරුදන් වූවන් ගේ පවුල් එකමුතුවෙන් අධිකරණ ඇමැතිට පෙත්සමක්

 

රාජ්‍ය අනුදැනුම මත පසුගිය කාලයේ උතුරේ මෙන්ම දකුණේ ද සිදු කළැයි කියන විවිධ මිනිස් අතුරුදන් කිරීම් සම්බන්ධ වහාම සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින් එම වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමේ විශේෂ පෙත්සමක් බාරදීම කොළඹ අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැත්විණි.

අතුරුදන් කරවූ තම දරුවන් මෙන්ම ස්වාමිපුරුෂයන් අහිමි දෙමාපියන් සහ බිරින්දෑවරු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූ අතර අතුරුදන්වුවන්ගේ පවුල් එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි.

වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් අතර කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, වැලිකඩ සිරකරුවන් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් ගණනාවක පවුල් වළ සාමාජිකයන් ඒ අතර විය.

ඔවුනට පෙත්සම බාරදීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මුණගැසීමට නොහැකි වූ අතර අමාත්‍යාංශ නිලධාරියකුට තම පෙත්සම බාරදුන් බව අතුරුදන්වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය.

Leave A Reply

Your email address will not be published.

10 + nine =