ඊ – නිව්ස් නඩු 14 ම ඉල්ලා අස්කර ගනී !

 

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් 14 ක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කර ඇත.

වර්තමානයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාරල්මේන්තු මන්ත්‍රීවරයකු වන මධුර විතාන පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය. පසුගිය 25 දා නඩු ව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය මගින් අධිකරණයට දැනුම් දුන්නේ නඩු සියල්ල ඉවත් කරගන්නා බවයි. මෙම දැනුම්දීමෙන් පසු නඩුව කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එල්.ටී.බී.දෙහිදෙනිය, යසන්ත කෝදාගොඩ සහ ඊ.ඒ.ජී.ආර්.අමරසේකර තීරණයට කළේ නඩුව විභාගයට නොගෙනම අවසන් කිරීමට ය.

2016 නොවැම්බර් 23 වැනිදා පැවරූ මෙම නඩුවේ පසුගිය 25 දා දක්වාම ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘවරයාට නොතීසි බාරදීමක් සිදු නොවීය. අනෙක් වගඋත්තරකරු වූ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න වෙනුවෙන් මෙහිදී නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිටියේය.

Leave A Reply

Your email address will not be published.

5 × two =