ඩුබායි සිට පැමිණ මාසයකට පසුත් කොවිඩ් 19 අසාදනය වෙලා

නිරෝදායන මධ්‍යස්ථානයේ සහ නිවසේ නිරෝදායනය වී අවසන්වූ ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයෙකු හමු වී තිබේ.

මෙම අසාදිත තැනැත්තිය උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත රෝහලට පැමිණ ඇති අතර ඇයට කොවිඩි 19 රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු විසින් රෝහල් අධ්‍යක්ෂක වරයාගේ උපදෙස්මත කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත්කර ඇති බව හලාවත රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවආරච්චි පවසයි .
ඇත.

ඇයගේ ජෛව සාම්පල් කොටස් අදාල වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට වාර්තාවේ.

ඇය ඩුබායි රටෙහි රැකියාවක නිරතව සිට මීට මාසකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති අතර පසුව වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් දින 14ක් නිරෝධායනය වී නැවත ආරච්චිකට්ටුව කෝට්ටපිටිය සිය නිවසේදීද නිරෝදායනයේ සිට ඇත.

අසාධිත තැනැත්තිය වැඩිපුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කර ඇති අතර ඇයගේ පවුලේ සමාජිකයින්ගේ ජෛව සාම්පල කොටස් පරීක්ෂණ සඳහා යොමුකර ඇත. ඔවුන් අනිවාර්ය නිරෝධායනයට යොමුකරඇතිබව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී ජයසිංහ මහත්මිය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

20 − seventeen =