“මිනිසුන්ගේ චලනය ගැන මම විශ්වාසය තබමි”

‘‘ලොව වැඩිම මුදලක් උපයන ක්‍රීඩිකාව මම බව මා දනිමි. එබැවින් ක්‍රීඩාව ගැන පමණක් කතා කරන්නැයි සමහරු මගෙන් ඉල්ලා සිටී. මම ඔවුන් ගැන අනුකමිපා කරමි. ඔබ ලෝකය ගැන නොදන්නේනමි ඔබට ජීවිතය අසීරු විය හැකිය. මම මිනිසුන්ට වෙනස් කොට සැලකීමට, වර්ගවාදයට එරෙහිව හඩ නගමි මම මිනිසුන්ගේ චලනය කෙරෙහි විශ්වාසය තබමි‘‘.

නයෝමී ඔසාකා – Naomi Osaka,

නයෝමි ඔසාකා ලොව හොඳම ටෙනිස් ක්‍රීඩිකාවකි. ඇය 2019 දී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනා ගැනීමෙන් පසුව කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්විය. 2020 දී ෆෝබ්ස් සඟරාව ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව නයෝමී ඔසාකා ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි.
1999 දී සෙරීනා විලියම්ස් සිය ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගන්නා විට නයෝමි ඔසාකා වයස අවුරුදු එකක පුංචිම පුංචි දැරිවියකි. දෛවයේ සරදම කෙසේද යත් ඉන් වසර 19 කට පසු ඔසාකා එක්සත් ජනපද විවෘත අවසන් මහා තරඟයේදී සෙරිනා විලියම්ස් පරාජයට පත් කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනා ගැනීමට සමත් විය. එය ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක තරඟයක් වූ අතර දැන් 22 හැවිරිදි නයෝමි ඔසාකා ඇගේ ජනප්‍රිය ප්‍රතිවාදියාට යළිත් වරක් පහර දී තිබේ. ඒ ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව ලෙස පුරසාරම් දෙඩීමේ තම ආඩමිබරකාරී අයිතිවාසිකම වෙනුවෙනි. එකී වාර්තාව මෙතෙක් තමා සතු කර ගෙන සිටි සෙරීනා විලයමිස්ට වඩා නයෝමී ඔසාකා පසුගිය මාස 12 තුළ ත්‍යාග මුදල් සහ අනුමත කිරීම් වලින් ඩොලර් මිලියන 37.4 ක් උපයා ඇති අතර එය සෙරීනාට වඩා ඩොලර් මිලියන 1.4 ක් වැඩිය. අපි ඇය ගැන ලියන්නේ ඒ නිසාම නොවෙි. ඒ කීර්තිධර යුවතිය මනුෂ්‍යාට සිදුවන අසාධාරනයන් හමුවෙි සිය අනගි නිවසේ සැප පුටුවකට වී වයින් තොල ගාමින් නොසිටිය බැවිනි. ඇය ඊට එදිරිව මහපාරට බැස්ස බැවිනි.

ඇය ඉපදුනේ ජපානයේ වුවද ජීවත්වනේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. පසුගිය ග්‍රීෂ්ම සෘතුවෙි මිනියා පොලිස්හි ජෝර්ජ් ෆොලිඩි ගේ ඝාතනය සවන් වැකුණු මොහොතේම සිය පුහුනුකරැවාගේ විරෝධය මධ්‍ය යේ නයෝමී සිය පෙමිවතාවද ඇදගෙන ගුවනින් මිනියා පොලිසිය (minia police) බලා ගියාය. එහි විරෝධතාකරුවන් සමග එක්වී ඇය වර්ගවාදවට එරෙහිව හඩ නැගුවාය. ඒ අතරම ඇය සිය ටිවිටර් ගිනුමෙි මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩිගේ ඡායාරූප කිහිපයක් එක්කරමින් මෙසේ ලීවාය.
‘‘“එය ඔබට සිදු නොවන නිසා ඔබ එයින් අදහස් කරන්නේ එය කිසිසේත් සිදු නොවන දෙයක් බවයි ‘‘.
ඇය ජුලි මාසයේ රොයිටර් වාර්තාකරුට මෙසේ පවසා තිබිණි.
‘‘ මගේ නම නයෝමි ඔසාකා. මට මතක ඇති තාක් කල්, මිනිසුන් මාව නිර්වචනය කිරීමට අරගල කර ඇත. එහෙත් කනගාටුදායක ලෙස. මම කිසි විටෙකත් ඔවුනගේ විස්තරයකට නොගැලපේ – නමුත් මිනිසුන් මට ලේබලයක් ලබා දීමට ඉක්මන්ය. ඇය ජපන් ජාතිකයෙක්ද? ඇමෙරිකානු? හයිටි? කලු? ආසියානු?
හොඳයි, මම ඔවුනට කියමි මේ සියල්ල තුලම එකම වේලාවක මම එකට සිටිමි. මම ඉපදුණේ ජපානයේ ඔසාකාහි හයිටි පියෙකුට සහ ජපන් මවකටයි. මම මගේ ආරම්භක කාලය ගත කළේ එක්සත් ජනපදයේ ය. මම දුවෙක්, සහෝදරියක්, මිතුරෙක් සහ පෙම්වතියක්. මම ආසියානු, මම කළු, මම ගැහැණු. මම ටෙනිස් ක්‍රීඩාවට දක්ෂ කෙනෙක් , වයස අවුරුදු 22 යි. මම නයෝමී ඔසාකාය මා ගැන ඔන්න ඔචිචරය.
මීට වසර දෙකකට පෙර මම එක්සත් ජනපද විවෘත තරගය ජයගෙන මගේ ජීවිතය එක රැයකින් වෙනස් වූ විට සම මගේ මාවත දිදුලන විට මම කිසිවක් ලිවිවෙි නැත. එහෙත් දැන් මම ලියමි.පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ සගයන් තිදෙනා අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම හා වධහිංසා කිරීම පිළිබඳ බිහිසුණු වීඩියෝව දුටු විට මගේ හදවත වේදනාවට පත්විය. එය මට ක්‍රියාවක් සඳහා ඇමතුමක් මෙනි.. ඝාතනයෙන් දින කිහිපයකට පසු මම මගේ පෙම්වතා සමඟ මිනියාපොලිස් වෙත පියාසර කළේ අපගේ ගෞරව දැක්වීමට සහ අපගේ හඩ වීදිවල පැතිරවීමටය ඔවු. අපි ශාන්ත පාවුළු ජනතාව සමඟ ශෝක වී සාමකාමී ලෙස ඒ වීදිවල හඩ නැගූවෙමු.
මම නැවත ලොස් ඇන්ජලීස් වෙත පැමිණි විට, මම වර්ගවාදයට එරෙහිව පෙත්සම් අත්සන් කළෙමි , විරෝධය දැක්වුවෙමි, අපෙන් බොහෝ දෙනෙක් මෙන් මම මගේ ධනය පරිත්‍යාග කළෙමි. නමුත් මම වැනි යුවතියකට එය ප්‍රමාණවත් නැත. මේ ලෝකය මගේ දරුවන්ට වඩා හොඳ තැනක් කිරීමට මට කුමක් කළ හැකිද? පද්ධතිමය වර්ගවාදය සහ පොලිස් කෘෘරත්වය ගැන කතා කිරීමට කාලය මෙය බව ඉතින් මම තීරණය කළෙමි.
අප “ජාතිවාදී නොවීම” පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට එරෙහිව හඩ නැගිය යුතුය. එවිටය එහි ප්‍රගතිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන්නේ.
එය සාමූහික උත්සාහයක් විය යුතුය. අද විරෝධතාවන්ට වේගවත් මෙන්ම අනාගතය සදහා වූ පොරොන්දුවක්ද ඇත. මෙවර එයට වෙනස් ශක්තියක් ඇත. චලනය සඳහා විවිධ මුහුණු සම්බන්ධ වේ. එය ගෝලීයව ඔස්ලෝ සිට ඔසාකා දක්වා, තලහසී සිට ටෝකියෝ දක්වා, විරෝධතාවලට සියලු වර්ගවල සහ ජනවර්ගවල පුද්ගලයින් ඇතුළත් වේ. ජපානයේ බ්ලැක් ලයිව්ස් මැටර් පාගමන් පවා පැවතුනි – අපගෙන් බොහෝ දෙනෙක් කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ හෝ සිතාගත නොහැකි දෙයක් විය එය..
‘‘ ඉතින් මම වෙනස් සහ පරිනාමනය වෙන නයෝමී ඔසාකා කෙනෙකි මිනිසුන්ගේ චලනය ගැන මම විශ්වාසය තබමි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

twelve − four =