1993 සිට නොමිලේ ඡලය, විදුලිය සහ ගෑස් සැපයූ ‘තුර්ක්මෙනිස්ථානය’

(Turkmenistan,)
එය තම රටෙි සියලුම පුරවැසියන්ට 1993 සිට නොමිලේ ජලය, විදුලිය සහ ගෑස් සැපයූ රටකි

ගිනිකොන දෙසින් ඇෆ්ගනිස්ථානය, දකුණු හා නිරිත දෙසින් ඉරානය සහ බටහිරින් කැස්පියන් මුහුදින් වටව ඇති. තුර්ක්මෙනිස්ථාන් ජනරජය, මධ්‍යම ආසියාවේ රටකි. එහි අගනුවර සහ විශාලතම නගරය අෂ්ගාබාත් වන අතර එහි ජනගහනය මිලියන 5.6 ක් වන ආසියාවේ වඩාත්ම ජනගහනය අඩු රටකි. තුර්ක්මෙස්ථාන් ජාතිකයෝ කවරහුද? එකී ජනතාව නිසැක ලෙස මධ්‍යම ආසියාවට ආවේණික වූ ජාතියක් සහ තුර්කි ජනවාර්ගික කණ්ඩායමකි. සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට්බුක් සඟරාවට අනුව, ජනගහනයෙන් 89% ක් මුස්ලිම්වරුන් වන අතර ජනගහනයෙන් 9% ක් නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියේ අනුගාමිකයන් වන අතර ඉතිරි 2% ආගමික නොවන අය ලෙස වාර්තා වේ.
තුර්ක්මෙනිස්තානය සියවස් ගණනාවක් තිස්සේ මානව ශිෂ්ටාචාරවල සන්ධිස්ථානයක පවතී. මාධ්‍යකාලීන යුගයේදී, මර්ව් (නගරය) ඉස්ලාමීය ලෝකයේ ශ්‍රේෂ්ඨතම නගරවලින් එකක් වූ අතර 15 වන සියවසේ මැද භාගය වන තෙක් චීනය සමඟ වෙළඳාම සඳහා භාවිතා කළ තවලම් මාර්ගයක් වන සේද මාවතේ වැදගත් නැවතුමකි.

කොරෝනා නොමැති රට

කිසිදු කොරෝනා වෛරස් ආසාධිතයකු වාර්තා නොකල රටකි. ලෝකයේ ස්වාභාවික වායු සම්පත්වල හයවන විශාලතම සංචිතය ටර්ක්මෙනිස්තානය සතුව ඇත. රටේ වැඩි කොටසක් කරකුම් (කළු වැලි) කාන්තාරයෙන් ආවරණය වී ඇත. 1993 සිට 2017 දක්වා පුරවැසියන්ට රජය විසින් සපයනු ලබන විදුලිය, ජලය සහ ස්වාභාවික ගෑස් නොමිලේ ලැබුණි.
රට තුළ අඩු අපරාධ අනුපාතයක් පවතින අතර නිල සංඛ්‍යාලේඛන අනුව රටේ කිසිදු අපරාධයක් නොමැත. ඔවුහු නිල වශයෙන් එකී සංඛ්‍යා ලේඛන භාවිතයට නොගනී එසේ වවත් ඝාතන හෝ ස්ත්‍රී දූෂණ අවමය. අපරාධ ලැයිස්තුව පිරෙන්නේ රාජ්‍ය දුෂණ අල්ලස් හෝ හොරකමි වලිනි.

රහසිගත රට

ටර්ක්මෙනිස්තානය ලෝකයේ වඩාත්ම රහසිගත රටවල් අතරින් එකකි. බාහිර පුද්ගලයන්ට වීසා ලබා ගැනීම අතිශය දුෂ්කරය. අසීරුවෙන් ලබා ගත්තද දින 10 ට වඩා එහි ගත කිරීමට ඔබට අවසර නැත. මෙි රහසිගත රට පාලනය කළ හිටපු ජනාධිපති නියාසොව් විසින් ලෝකයේ දරුණුතම‘ පෞරුෂත්වයේ සංස්කෘතීන් එහි ’නිර්මාණය කළේය.
ලෝක‍‍යේ අපාය ලෙස සැළකෙන ඩර්වාසා ගෑස් ආවාටය ඇත්තේ එහිය. නිරයේ දොරටුව ලෙසද හදුන්වන එය පැතිරී ගිය විසල් ආවාටයකි. එමෙන්ම වායු ගෝලයට නොකඩවා විෂ වායුන් එක්කරමින් තිබු ස්වාභාවික වායු ක්ෂේත්‍රයකි. මීතේන් වායුව පැතිරීම වැළැක්වීම සඳහා භූ විද්‍යාඥයින් හිතාමතාම එය ගිනි තබා ඇති අතර එය 1971 සිට අඛණ්ඩව තවමත් දැවෙමින් පවතී.
මංගල මාළිගාව යනු අෂ්ගාබාත් නගරයේ සියලුම පුරවැසියන්ට විවාහ විය හැකි ස්ථානයකි එමෙන්ම එය ටර්ක්මෙනිස්තානයේ අෂ්ගාබාත් හි පිහිටි සිවිල් ලේඛකාගාරයකි. එය ඉදිකර ඇත්තේ තුර්කි සමාගමක් වන පොලිමෙක්ස් විසිනි.
එක්සත් ජාතීන් විසින් ස්ථිර මධ්‍යස්ථභාවයක් ඇති බවට පිළිගත් ලෝකයේ එකම රාජ්‍යය ටර්ක්මෙනිස්තානයයි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

one × five =