කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 ට පැනවූ වරෙන්තුව වළකමින් අතුරු නියෝගයක්

පසුගිය සමයේ කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මේ අනුව එම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන දෙපළගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසියට හෝ ඊට සහාය වන මහෙස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතුවලට
එහෙත් මෙම නියෝග තුළින් කිසිදු බාධාවක් නොමැති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.

තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිස ගොනු කළ රිට් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ඒ.ඇම්.කපිල අධිකාරි , කුරුණෑගල විශේෂ ඒකකයේ ස්ථානාධිපති රංජිත් කුලතුංග , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

ජනමාධ්‍ය මඟින් තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව දැනගන්නට ලැබුණු බවත්, එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය රිට් පෙත්සම් මඟින් ඉල්ලා සිටියේය

 

Leave A Reply

Your email address will not be published.

2 × 4 =