හිරගෙදරින් 902 කට සමාව

ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙන බව වාර්තා වේ.
අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පත් කළ කමිටුවක් විසින් මෙම නාමලේඛන සකස් කර තිබේ.
එහි සභාපතිත්වය දරන්නේ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ය. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන අය මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.
සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක් අතුරින් එම සිරකරුවන් 902 දෙනා එලෙස ජනපති අනුමැතියෙන් නිදහස ලැබීමට නියමිතයි. බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සහ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දෙනු ලැබීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පසුගිය දා ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කළේ ය.

Leave A Reply

Your email address will not be published.

ten + 17 =