“අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න”

මෙවර මහා මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වහා අහෝසි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරන්නේ, මෙම මන්ත්‍රීධූරය වෙනුවෙන් භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුලු පිරිසක් මාධ්‍යතුල හා රට තුළ වාද විවාද ඇතිකරගැනීම හේතුවෙන් බෞද්ධ ශාසනයට සිදුවන අපකීර්තිය සැලකිල්ලට ගෙන රාමඤ්ඤ මහනිකාය වෙනුවෙන් තමන් මැතිවරණ කොමිසමෙන් මෙම ඉල්ලීම කළ බවයි.
කොඩිය ලකුණින් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂය රටෙන්ම ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් ලැබී තිබේ.

මේ දක්වා එම මන්ත්‍රීධූරයට කිසිවෙකු පත් කර නොමැති අතර පක්ෂය අභ්‍යන්තරයේ පවතින අර්බුදකාරී තත්වය ඊට හේතුවී ඇති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

12 + 6 =