කතානායක මහින්ද යාපා

නව වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය ද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කර තිබේ..

මේ අතර නියෝජ්‍ය කාරක සභාවේ සභාපති ධූරයට අංගජන් රාමනාදන් පත්කිරීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

මේ අතර, පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු ද පත්කිරීමට එහිදී තීරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 × five =