සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක්
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කර ඇති අතර සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන දෙදෙනා පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර ඇත.
වෛද්‍ය රමේෂ් පතිරණ මීට පෙර පැවැති තාවකාලික ආණ්ඩුවේද සම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළේය.