ඇමරිකානු ජනාධිපතිවරණය දක්වා පැමිණි දකුණු ආසියානු කමලා හැරිස්

 

2019 ජුනි මස අවසානයේදී එක්සත් ජනපද සෙනෙටි සභිකයන් වන ජෝ බිඩෙින් සහ කමලා හැරිස් විවාදයක පැටලුනි. කැලිෆෝනියාවේ සෙනෙට් සභික හැරිස් 1970 ගණන්වලදී හිටපු උප ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති විවේචනය කළාය . එවකට ජෝ බිඩෙන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු විය. ඔහු කළු හා සුදු පාසල් දරුවන් ඒකාබද්ධ කිරීම වැළැක්වීමට අවශ්‍ය එක්සත් ජනපද සෙනෙට් සභිකයින් සමඟ වැඩ කරමින් සිටි බව හැරිස් පැවසීය. ජෝ බිඩෙන් තමා ආරක්ෂා කර ගත්තේ ” අනිවාර්යෙන් සුදු ජාතික දරුවන් පමණක් ගෙන යන බස්රථවලට” තමා විරුද්ධ බව පවසමිනි.
කුඩා කාලයේදී සුදු ජාතික දරුවන්ට පමණක් සීමා වු බස්රථ නිසා පීඩාවට පත්වූ කලු ජාතික කමලා හැරිස් එවිට මෙසේ පිලිතුරු දුන්නාය.
‘‘ “මම ඒ වන විට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු වී සිටියා නම්, ඔබ මෙන් නොව සම්පූර්ණයෙන්ම අන්තරාලයේ අනෙක් පැත්තේ සිටිමි.”යැයි පැවසීය
එක්සත් ජනපදය විශ්මයට පත් කරමින් මෙවර ජනාධිපතිවරනයේ තම සාහායිකාවද උප ජනාධිපති ලෙසද ජෝ බිඩෙන් තෝරා ගත්තේ තමාව විවෙිචනය කළ මෙි ආසියාතික කලු ගැහැනියවය

කමලා හැරිස්
Kamala Harris

ඉන්දියානු සම්භවයක් ඇති මවකගේ සහ ජැමෙයිකාවෙි උපත ලැබූ පියෙකුගේ දියණිය වන ඇය ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සඳහා උප ජනාධිපති ධුරය සඳහා තරඟ කළ පළමු අප්‍රිකානු ඇමරිකානු කාන්තාව ද වනු ඇත. ඇයගේ මේ ඓතිහාසික නාමයෝජනා පැමිණෙන්නේ එක්සත් ජනපදය පද්ධතිමය හා ව්‍යුහාත්මක ලෙස වර්ගවාදය පිළිබඳ විවාදයක ගැඹුරින් නිරතව සිටින අවස්ථාවක ය. බිඩෙන් බලාපොරොත්තු වන්නේ කමලා හැරිස් ලවා අප්‍රිකානු ඇමරිකානු ඡන්දදායකයින් වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමටය
ජනාධිපතිවරණයේදී කමලා හැරිස් නැමති මෙම ආසියාතික ගැහැනිය එක්සත් ජනපද ප්‍රගතිශීලීන්ට හා මධ්‍යස්ථ මතධාරීන්ට ආයාචනා කළ හැකි ඉතිහාසයක් ඇති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටී. ආර්ථිකය නඟා සිටුවීමට උත්සාහ කරනවා වෙනුවට, ඇගේ ප්‍රතිපත්ති වර්ධිත, ඉලක්කගත ප්‍රතිපල අපේක්ෂා කරන අතර, විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඓතිහාසිකව ආන්තිකකරණයට ලක් වූ , කාන්තාවන්, වර්ණ ගැන්වූවන් සහ අඩු ආදායම්ලාභී ඇමරිකානුවන් වැනි කණ්ඩායම් කෙරෙහි ය. සාම්ප්‍රදායිකව නොසලකා හරින ලද පුද්ගලයින් වෙනුවෙන් සටන් කිරීමට ඇයගේ අනන්‍යතාවය අද්විතීය ලෙස සුදුසු යැයි ඇය බොහෝ විට තර්ක කරයි.
හැරිස් දක්ෂ තේරීමකි. ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත හැකි ප්‍රබුද්ධ කථිකාවක් වන අතර ඇතැම් ඩිමොක්‍රටික් ඡන්දදායකයින් අතර බෙහෙවින් අවශ්‍ය උද්යෝගය ජනනය කිරීමට ඇයට හැකි වනු ඇත.
ඇය එක්සත් ජනපද සෙනෙට් සභාවේ (කැරොල් මොස්ලි බ්‍රවුන්ට පසුව) දෙවන කළු ජාතික කාන්තාව සහ දකුණු ආසියානු පරම්පරාවේ ප්‍රථම කාන්තා සෙනෙට් සභිකයාය.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

19 + 12 =