නාලක සිල්වාට රෝහල දුන්නේ ආණ්ඩුවේ ලොක්කෙකුගේ නියෝගයෙන් !

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇප මත නිදහස් වන තුරු බන්ධනාගාර රෝහලේ තබන ලෙස ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයකින් උපදෙස් ලබා දී තිබූ බව අනාවරණය වේ.වැලිකඩ බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ නාලක සිල්වාට පහසුකම් සැලසීම සදහා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු වෙන් කරන ලෙසද උපදෙස් ලැබී තිබූ බවයි. එහෙත් බන්ධනාගාර පාර්ශ්වයෙන් එසේ නිලධාරීන් වෙන්කිරීමක් සිදු නොකළ බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.මේ සම්බන්ධයෙන් කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පවා විධිමත් ලෙස වාර්තා කර නොතිබූ බවද හෙළි වේ. මීට පෙරද කොළඹ ආශ්‍රිතව පදිංචි වී සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවට අදාළ ව චෝදනා එල්ල වී ඇති ඩී.කේ.පී.දසනායක නම් නාවික හමුදා නිලධාරියාට රෝගී තත්වය පිළිබදව විධිමත් වාර්තාවක් ලබා නොදී බන්ධනාගාර රෝහල් පහසුකම් ලබාදීම විවේචනයට ලක් විය.නාලක සිල්වා ඇප ලැබීමෙන් පසු කිසිදු රෝගයක් නැති අයෙකු ලෙස හැසිරෙනු දැකිය හැකි විය.කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ පාර්ශ්වයට මේ සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුවහොත්, අදාළ කරුණු තහවුරු කිරීම සදහා තමන් සූදානම් බවද එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

3 × 2 =