හොලිවුඩ් වීනස් කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් පළමුවැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රි ලංකාවේ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සමත්විය. මෙම සම්මානයට පාත්‍ර වුවේ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ‘One Blood’කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව වෙනුවෙනි.

චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක කෘතියකි. මෙම කෙටි චිත්‍රපට තුළ සිග්මන් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන් ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික වශයෙන් ‘One Blood’ හි කතාබහට ලක්වෙයි. චතුර ප්‍රනාන්දු ‘One Blood’ පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී වීම විශේෂත්වයකි.

චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’කෙටි චිත්‍රපටය Jaffna international film festival(2019), Agenda 14 film festival(2019),Pinwood studio London සංවිධානය කළ Lift off global first-time filmmaker session(2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද නිර්දේශ වී තිබේ.

‘One Blood’සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.

මුලාශ්‍ර ලංකාදීප

Leave A Reply

Your email address will not be published.

9 + six =