ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනෙට ගිය 23කට කොරෝනා

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ මාසයක කාලයකට කොළඹ – ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර එතිහෑඩ් ගුවන් සෙවයේ අබුඩාබි – ෂැංහායි ගුවන් යානයෙන් අගෝස්තු 3 දා චීනයට ගිය ගුවන් මගීන් 6කට, මැනිලා – ෂැංහායි ගමන් කරන MU 212 චයිනා ඊස්ටන් ගුවන් යානයෙන්ද අගෝස්තු 05 වැනිදා කොවිඩ් ආසාදිතයන් 6ක්, අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට අගෝස්තු 03 වෙනිදා පැමිණි මගීන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුව කාලයක් ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.

nineteen + eleven =