සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව

දුරකථනයෙන් තරඟ කල සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා මන්ත්‍රීවරුන් අද නම් කළ අතර ඒ අනුව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන පිරිස පත් කර තිබේ.

පක්ෂයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත අද(13) පස්වරුවේ භාරදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත භාරදීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

17 − 11 =