ධම්මික ගංගානාත්ගේ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේ දී
කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබේ. සම්මානනීය ලේඛකයෙකු ලෙසට ප්‍රකට ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස ද කටයුතු කළේය.
කලක සිට රෝගාතුරව සිටි දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මියයන විට ඔහු 61 වැනි වියේ පසු වූ ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය , 240/3A , සම්බෝධියාවත්ත, මත්තේගොඩ, නිවසේ තැන්පත් කර ඇත.